රෝහල්, තෙල්, සිසුන් වර්ජන රැල්ලක

strikeඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව විසින් ක්‍රියාත්මක කොට ඇති වැඩ වර්ජනය හේතුවෙන්වන් රථ වාහන හිමිකරුවන් තම වාහන සඳහා ඉන්ධ පුරවා ගැනීමට දැඩි උනන්දුවක් දැක්වීමත් සමඟ තෙල් හිඟයක් ඇති වේ තිබේ. වරාය සේවකයින්ද මෙම වර්ජන වලට එක්වීමට ඉඩ ඇත.

දිවයින පුරා රෝහල්වල පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් බාහිර ප්‍රතිකාර අංශ අසල රැස් කමින් සිටිති. මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට තැත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි. ස්ථානමාරුවීම් නියෝග ලැබ එහෙත් එම ස්ථාන මාරුවිම් ක්‍රියාත්මක නොවී සිටින සියලුම හෙද හෙදියන් අගෝස්තු 1 වැනි දාට පෙර මුදාහරින්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් දීමත්සමඟ තවත් විරෝධතා ක්‍රියා මාර්ග ඇති වීමට ඉඩ තිබේ.

ආණ්ඩුවේ ප්‍රතිචාර

වැඩ වර්ජන සහ විරෝධතා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා වීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදුනු මතයක් ඇති බවයි දැන් ගැනීමට ඇත්තේ. එක පාර්ශවයක් කියා සිටින්නේ තමන් ගේ තීරණ කෙළින් ක්‍රියාත්මක කරමින් රට අරාජික තත්වයට පත්වීම වලක්වා ගත යුතු බවයි. අනෙක් පාර්ශවය පවසන්නේ විපක්ෂය තමන් මර්ධනකාරී ආණ්ඩුවක් ලෙස හංවඩු ගැසීමට සුදානම්ව සිටින මේ අවස්ථාවේදී ඉක්මන් නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.