ලංකාව බෞද්ධ රාජ්‍යයක් විය යුතු යි කී කාදිනල් තුමාට කතෝලික පූජකවරු එරෙහි වෙති…

MALCOM 11ශ්‍රී ලංකාව බෞද්ධ  රාජ්‍යයක් විය යුතු බවට පසුගියදා අගරදගුරු   මැල්කම් රංජිත් කාදිනල් තුමා කළ ප්‍රකාශයට දැඩි සේ විරුද්ධත්වය පළ කරන බවත් එම ප්‍රකාශය කාදිනල්වරයාගේ පුද්ගලික ප්‍රකාශයක් මිස ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවගේ ප්‍රකාශයක් නොවන බවත් කියමින් පූජකවරුන් හා කන්‍යා සොයුරියන්   99 දෙනෙකු ගේ අත්සන් සහිතව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එක් ආගමකට අධිකාරියක් හෝ විශේෂත් වැදගත්කමක්  ව්‍යවස්ථානුකූලව හෝ ප්‍රායෝගිකව ලබා නොදිය යුතු බවත් අනාගමික සංකල්පය මගින් සෑම ආගමකම සෑම ජාතිකයම සහහයෝගීතාව වර්ධනය කළ හැකි බව ඒ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

එමෙන්ම අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සංගමයේ සභාපති වුවද ඔහු ලංකාවේ අනෙකුත් පළාත්වල බිෂොප්වරුන් යටතේ ඇති කතොලිකයන් මෙහෙයවනු හෝ නියෝජනය කරන්නේ නැති බව ද ඔවුන් විසින් දක්වා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.