ලැම්බෝගිනියක් දියව් ඒ ඇති – ගුටි කෑ ජගත් මනුවර්ණ

manutyu

කුරුණෑගල කුඹුක්ගැටේ  පැවැති කලාකරුවන්ගේ වැඩසටහනකටඑල්ල වූ  ප්‍රහාරය ගැන තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා කරුණු දක්වද්දී රස්ව සිටි

පිරිස වික්ෂිප්ත වූ ආකාරයක් දැක ගත හැකි විය.

 

‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි  පෙරදින ගුටි කෑ  ජගත් මනුවර්ණ  ප්‍රශ්න කළේය.

 

පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය මෙම  හමුවේ දී  ‘මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා.‘ යැයි කියූ ඔහු පසුවේ ඇඬු කඳුලිනි.

ආණ්ඩුවේ වරදාන කලාකරුවන් මහේදී දැඩි දෝෂාරෝපණයට ලක්වුහ.

සෞම්‍ය ලියනගේ  පැවසුවේ දැන් මේ දකින  ඛේදවාචකය අවසන් කළ කාලය එළඹ ඇති  බවයි.පරාක්‍රම නිරිඇල්ල කියා සිටීයේ තමන්ටද තර්ජන එල්ල වෙමින් තිබෙන බවයි.

 

ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර  තමන්ට පහර දුන් හැටි කියා සිටියා.

‘මම ඒ වැඩසටහනට සහභාගී වුණේ දියණියගේ අරාධනාවත් එක්ක. කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ ජංගම වේදිකාවක් තුළ තමයි එය සිදුවුණේ. එහි පළමු ගීතය මා විසින් ගායනා කළා. නිල් බලකායේ පිරිසක් එම වේදිකාව හරහා ගමන් කරමින් කෝලහාල ඇතිකළා. . ඔවුන් ගල්මුල් ප‍්‍රහාර පවා එල්ල කළා, නිල් බලකායේ පිරිස සුදානමින් පැමිණි බව හොඳින්ම දැකගත හැකි වුණා. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා මට පා පහරක් එල්ල කළා’

 

 

ජයලත් මනෝරත්න සහ උපුල් ශාන්ත සන්නස්ගල ද අවස්ථාවට එක්ව සිටියහ.

මාව කානුවට වීසි කළේ නැත්තේ ඇයි?

[vsw id=”/AR8urwN4sXw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.