“ලොසා” ලා හත් දෙනෙකුට මේජර් ජනරාල් පදවි දීලා…

lost11ගෙවුණු වසකර කාලය තුළ යුද හමුදාවේ විනය පත්වා නොගත්, දුර්වල පෞරුෂ සහිත විකට චරිත සේ ප්‍රකට බ්‍රිගේඩියර්වරු 7 දෙනෙක් මේජර් ජනරාල් පදවියට උසස්කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි. මොවුන් විනය නීති උල්ලංඝණය කිරීම, නියමිත පාඨමාලා හදාරා නොමැති වීම, රාජකාරි පැහැර හැරීම ආදී චෝදනා මත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විසින් උසස් වීම් අත්හටවනු ලැබූ මෙම නිලධාරීන් බව කියැවේ.

යුද හමුදාව හා සම්බන්ධ කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවක් මත විනය කමිටුවක් මිගින් උසස් වීම් අත්හිටවනු ලැබූ බව කියන ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර්වරයෙක් වූ  ධනංජය කරුණාරත්නත්, යාපනය කොටුවට එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ලවනවිට  කදවුර දමා පලා ගිය බවට වාර්තාවන බ්‍රිගේඩියර් වරයෙක් වූ අනුර පෙරේරාත්,  මේ උසස් වීම් ලද නිලධාරීන් අතර වේ . මේ වනවිට අනුර පෙරේරා උසස්වීම සහිතව හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇත.

යුද්දයේ තීරණාත්මක අවස්ථාවක මර බියෙන් ව්‍යාජ පිස්සුවක් හදාගෙන ගුවන් මගින් කොළඹ පැමිණි ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජගත් ගුනවර්ධණ  නුදුරේදීම මේජර් ජනරාල් තනතුරට උසස් වීමට නියමිත බව යුද හමුදා ආරංචිමාර්ග කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.