ලෝකයේ අඩු වුනාට අපිට අඩු කරන්න බැහැ. – ඛනිජ තෙල් ඇමති.

petrolලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගිය නමුත් එම වාසිය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ක්ෂණිකව ලබාදීමේ හැකියාවක් නොමැති බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

පසුගිය කාලසීමාවේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළගොස් තිබූ බවත් එම කාලයේදී මිලදී ගෙන ගබඩා කර තිබූ බොර තෙල් පිරිපහදු කර මෙම කාලයේදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන නිසා මෙම දිනවල ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුවද එහි වාසිය ක්ෂණිකව මෙරට පාරිභෝගිකයින්ට ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

2008 වසරේ අග භාගයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 147ක් ලෙස සටහන් වූ අතර මේ වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 30ටත් වඩා පහත බැස තිබේ.

එය මෑත කාලයේ ලොව වාර්තා වූ අඩුම මිල ලෙසයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!