වඳුරඹ විපක්ෂ රැළියට පහර දීමේ සිද්ධීයේ සැබෑ නිවටයා කව්ද?

Waduraba-OIC5555

වඳුරඹ විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට පහර  දුන් සැකකරුවන් රගෙන යාමට  මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ට්ටිගමට ඉඩ  දුන් බව කියන වඳුරඹ පොලිස් ස්ථානාධිපති පදවියේ කටයුතු කළ පී.එල් කීර්ති සිංහ තම ඉල්ලා අස්වීම භාරදී ඇත.

ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් පැහැර ගනු ලැබීමට ඉඩ දීම නිවට ක්‍රියාවක් බව පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ

කියා සිටියේය.

ඉල්ලා අස්වූ  පොලිස් ස්ථානාධිපති වරයා කියා සිටින්නේ තමන් අත වූ ගිනි අවිය භාවිතා කිරීමට ඉඩ තිබුනත් දෙදරු පියෙක් වන තමන්ට එසේ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

තමාට එල්ල කෙරුණ දේශපාලන පීඩනය හමුවේ සිය නිල ඇඳුම් භාර දී පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීම හැරෙන්නට අන් විකල්පයක් නොවූ බව  කීර්ති සිංහ මහතා පෙන්වා දෙයි.

ගිනි තැබූ වඳුරඹ වේදිකාව
ගිනි තැබූ වඳුරඹ වේදිකාව

 ‘කෙසෙල් කැනක් කපා ගත් සොරකු අල්ලා ගත් අවස්ථාවක සොරාට නොව පිහියට එරෙහිව නඩු දැමීමට සිදුවන තත්වකට ඇතැම් උසස් නිලධාරින් තමන්ව පත් කල අතර

මේ තත්වය හමුවේ ආත්ම ගරුත්වය ඇතුව සේවය කිරීම අපහසු වූ හෙයින් තමන් ඉලා අස්වූ බවයි ඔහු කියා සිටින්නේ.

සැබෑ නිවටයා වන්නේ කවුරුන්ද?

දැන් ප්‍රශ්නය වන්නේ සැබෑ නිවටයා වන්නේ කවුරුන්ද යන්නයි.

අන් කිසි දෙයක් කරගත නොහැකිවූ තැන තමන් භාරයේ සිටි සැකකරුවන් මුදාහල  පොලිස් ස්ථානාධිපතිවරයාද?

එසේත් නැතිනම්  ආත්ම විස්වාශයකින් යුක්තව තම නිලධාරීන්ට සේවය කිර්රෙමට අවශ්‍ය වාතාවරණයක් සකස් කිරීමට අපොහොසත් වූ පොලිස්පතිවරයාද?

එහෙමත් නැතිනම් ස්වාධීන පොලිස් කොමිසම කප්පාදු කිරීමට ඉඩ දුන් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයට ඡනඩය දුන් මන්ත්‍රීවරුන් පිරිසද?

[vsw id=”/5goDW1UGR38″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.