වවුනියාවේ යුදහමුදා කදවුරකදී දේශපාලන රැස්වීමක්-CAFE

rajith

රජිත් කීර්ති තෙන්නකෝන්

ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා නිලධාරීන් යොදාගැනීම පිළිබඳව නැගී ඇති චෝදනා  පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටී.

රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ප්‍රදේශීය දේශපාලනඥයින් පිරිසක් දෙසැම්බර් 16 වෙනිදා වවුනියාවේ යුදහමුදා කදවුරකදී දේශපාලන රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු තමන්ට ලැබී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන්  කියා සිටී.

 රජිත් කීර්ති තෙන්නකෝන් පවසන අන්දමට  වවුනියාවේ පමණක් නොව දිවයිනේ පළාත් කිහිපයකම යුද හමුදා නිලධාරීන් දේශපාලන රැස්වීම් පවත්වා  ඇත.

රජයට සහාය දැක්වීම පිණිස යුද හමුදා අණුඛණ්ඩ කීපයක්ම දිවයිනේ විවිධ පළාත්වල පිහිටුවා ඇති බවත්  රජිත් කීර්ති තෙන්නකෝන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.