වාහන දුමට වැට බඳින්න පුලුවන්ද?

emmision 4

Could we breathe clean air without good public transport ?

මේ  දවස් වල රථ වාහන වලින් පිටවෙන දුම් පරීක්ෂා කරන කණ්ඩායම් බරටම වැඩ

 වාහ න  වලින් පිටවෙන දුම් ප්‍රමාණය පරීක්ෂා      කීරීම හේතුවෙන් වායුවේ ගුණාත්මක බව   වැඩිවී ඇති බවයි පරිසර විශ්ලේෂකයින් පෙන්වාදෙ න්නේ
2009 අංක 08 දරණ මෝටර් ‍රථ වාහන (සංශෝධන) පනතේ 218 වගන්තිය අනුව යෝග්‍යතා වායු විමෝචන හා රක්ෂණ සහතිකය නොමැතිව වාහනයක් ධාවනය කරලා අහුවුනොත්  රුපියල්  5000 කට නොඅඩු රු 25000 කට නොවැඩි දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වෙනන් න සිදුවේවි .
දුම් සහතික පරීක්‍ෂණයෙන් අසමත් වන වාහන හිමියන්  අත යට මුදලට දුම් සහතිකයක් නොමැතිව ආදායම් බලපත්‍රය අළුත් කරගන්නා බ තැනින් තැන වාර්තා වෙන අතර වාරේ මාර්ග පරීක්ෂණ ආරම්භ  කොට තිබෙනවා .
මේ නිසා දුම් දමාගෙන යන වාහනයක් මහ මගදී අල්ලා ගතහොත් හොරට ආදා යම් බලපත්‍ර ලබාගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන එක ටිකක් අමාරු වේවි .
රුධිරගත ඊයම් ප‍්‍රමාණ 
 1995දී කැළණිය සරසවියේ රසායන විද්‍යාඥ ආචාර්ය මාලිනී ඇරැව්ගොඩ හා එම්. එස්. පෙරේරා වැදගත් සොයා ගැනීමක් කළා. කොළඹ හා අවට ජනාකීර්ණ මාර්ග නිරතුරුව භාවිත කරන ජන සමුහකයගේ රුධිරගත ඊයම් ප‍්‍රමාණ ඔවුන් මැන බැලූවා. WHO නිර්දේශිත උපරිම මට්ටම්වලට වඩා තුන් ගුණයකට වැඩි රුධිරගත ඊයම් මට්ටමක් රථවාහන පොලිස් නිලධාරීන්ගේ ඇති බවත් ත‍්‍රිරෝද රථ රියදුරන් හා පදික වෙළදුන්ගේ ද අධික මට්ටම් ඇති බවත් අනාවරණය වුණා. නාගරික පාසල් සිසුන්ගේ පවා රුධිරගත ඊයම් මට්ටම අධික බව ඔවුන් සොයා ගත්තා.
මේ අතර කොළඹ සරසවියේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවිද්‍යා මහාචාරිනී මනෝරි සේනානායක තවත් පර්යේෂණයක් කරමින් ප‍්‍රබල සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ බොරැල්ල මහාමාර්ගවල උදේ දවල් ඇවිද යන පාසල් සිසුන්ගේ රුධිරගත ඊයම් මට්ටම ඉතා වැඩි බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔලිවර් අයිලප්පෙරුම පෙනවාදෙන පරිදි කොළඹ වායු  දුෂණයෙන් සීයට හැටක්ම බලපාන්නේ වාහන වලින් පිටවෙන දුම්.

අවරුදු පහත් -දාහතරත් අතර ලමුන්න්ගේ මරණ වලට බලපාන හේතු අතර දෙවෙන තැන ගන්නේ වායු දුෂණයයි.

 
බාල ඩීසල් භාවිතය එන්න එන්න ම වැඩිවීමත් තවත් ගැටළුවක් .
 

1995දී කැළණිය සරසවියේ රසායන විද්‍යාඥ ආචාර්ය මාලිනී ඇරැව්ගොඩ හා එම්. එස්. පෙරේරා  කොළඹ හා අවට ජනාකීර්ණ මාර්ග නිරතුරුව භාවිත කරන ජන සමුහකයගේ රුධිරගත ඊයම් ප‍්‍රමාණ ඔවුන් මැන බැලූවා. WHO නිර්දේශිත උපරිම මට්ටම්වලට වඩා තුන් ගුණයකට වැඩි රුධිරගත ඊයම් මට්ටමක් රථවාහන පොලිස් නිලධාරීන්ගේ ඇති බවත් ත‍්‍රිරෝද රථ රියදුරන් හා පදික වෙළදුන්ගේ ද අධික මට්ටම් ඇති බවත් අනාවරණය වුණා. නාගරික පාසල් සිසුන්ගේ පවා රුධිරගත ඊයම් මට්ටම අධික බව ඔවුන් සොයා ගත්තා.

මේ අතර කොළඹ සරසවියේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවිද්‍යා මහාචාරිනී මනෝරි සේනානායක තවත් පර්යේෂණයක් කරමින් ප‍්‍රබල සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ බොරැල්ල මහාමාර්ගවල උදේ දවල් ඇවිද යන පාසල් සිසුන්ගේ රුධිරගත ඊයම් මට්ටම ඉතා වැඩි බවයි.

Vehicle_air 

ඉබ්බෙකුගෙන් පිහාටුවක් 

රථ වාහන වලින් පිටවෙන දුම් ප්‍රමාණය පාලනය කිරීමට පියවර ගැනීම හොඳ වැඩක් -ඇත යටින් කීයක් හරි දීලා  බේරිලා යන්න හදන තක්කඩියන්   මහා මග  කොටු කර ගැනීම ඊටත් වැඩිය හොඳ වැඩක්.

ඒත් ගැටළුව වෙන්නේ රටට ගෙන්වන ත්‍රී වීල් සහ මෝට ර් සයිකල් සංක්‍යාව වේගයෙන් වැඩිවෙන කොට  දුමට වැට බැඳීම සාර්ථක වෙයිද කියන එකයි ප්‍රශ්නේ.

මිනිසුන්ට හරි හැටි එහා මෙහා යන්න පුළුවන් පොදු ප්‍රවාහන සේවාවක් ඇති කරන්න පුළුවන් නම් ඉබ්බෙකුගෙන් පිහාටුවක් ගලවා ගන්න එක එතරම් අමාරු නොවේවි .

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.