විග්නේෂ්වරන්ගේ බෞද්ධ විරෝධී යෝජනාවට හිමි කුණු කූඩයයි…

බෞද්ධාගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමති සි.වි. විග්නේෂ්වරන්  උතුරු පළාත් සභාව තුළ සම්මත කර ගත් යෝජනාව කුණු කූඩයට දැමිය යුතු බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදි අද (08) ප්‍රකාශ කළේය.
උතුරේ බෞද්ධාගමික සිද්ධස්ථාන ඉදිකිරිම නැවැත්විය යුතු බවට යෝජනා සම්මත කර ගැනිමට උතුරු පළාතට හෝ මහ ඇමතිරයාට බලයක් නොමැති බව සඳහන් කළ ඇමතිවරයා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, පළාත් සභා බලතල ඉක්මවූ එකක් බැවින් එය කුණු කූඩයට දැමිය යුතු බවද සඳහන් කළේය.
නිති විරෝධි යෝජනා මේ ආකාරයෙන් සම්මත කරගන්නා උතුරු මහඇමතිවරයාගේ අවශ්‍යතාවය ජාතික දේපාලනයේ සිටින ජනතා නියෝජිතයන්ට වඩා ඉහළින් ඔහු සිටිනා බවට ජනතා නියෝජිතයන්ට පෙන්විම බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් එලෙස ජාතිවාදින් ලෙස කටයුතු නොකරන බවත් ඇමතිවරයා පැවසීය.
බුද්ධ ශාසන අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයේදි ආගමික සිද්ධස්ථාන උතුරේ ඇති කිරිම සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳ මන්ත්‍රීවරු අදහස් දක්වද්දි විෂයභාර ඇමතිවරයා වශයෙන් ඔහු මේ බව කීවේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරක්වත් කෙටුම්පත කර නොමැති අවස්ථාවක ජාතිවාදි ආගම්වාදි මත පතුරවන බව පැවසූ ඇමතිවරයා ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියෙන් බෞද්ධාගමට හිමි තැන අහිමි කරන බවට ව්‍යවස්ථාවක් සම්පාදනයේදි කිසිසේත් අහිමි නොකරන බවද  කීවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.