විජයදාස රාජපක්ෂ පිළිබඳ තීරණය අද

ranil&wijedasaවිජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී අද (22) ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට පවසා ඇත. කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ ත්‍රිපුද්ගල ඇමැති කමිටු වාර්තාව ලැබී නොමැති හෙයින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කරන බව රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් පැවසීය.

අරලිය ගහ මන්දිරයේදී ඊයේ (21) රාත්‍රියේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පවසා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.