විදුහල්පතිනිය අණින් කොටයකට කරගැසීමට ගොස් අනතුරට ලක්වූ සිසුවාට අසාධ්‍යයයි…

ICUපාසලේ විදුහල්පතිනියේ අණ පරිදි ක්‍රීඩා පිටියේ තිබූ විශාල කොටයක් ඉවත් කිරීමට ගිය සිසුවෙක් කොටය පෙරළී හිස මත පතිත වීම නිසා ඉතා අසාධ්‍ය තත්වයේ මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

කඩුගන්නාව අමුණුපුර කනිටු විදුහලේ  විදුහල්පතිනිය වූ දයා අමුණුපොල ගේ නියෝග මත දැව කොටය ඉවත්කිරීමට ගොස් මෙසේ බරපතල අනතුරකට ලක්වූයේ මැණික්දිවෙල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි ඩයස් සදකැලුම් නැමැති 16 හැවිරිදි සිසුවෙකි. මේ සිසුවා හා තවත් සිසුන් දෙදෙනෙක් මේ දැවැන්ත කොටය කර තබා ඉවත් කිරීමට ගිය අවස්ථාවේ අනෙක් සිසුන් දෙදෙනා අතින් කොටය අත හැරුණු බවත්, අත හැරුණු කොටය දරුවා යට කරගෙන පතිත වූ බවත් බිම පතිතව නාසයෙන් හා දෙකණින් ලේ ගලන්නට වූ සිසුවා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකය වෙත යොමු කළ බවත් වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි සිසුවා ඉන්නේ අසාධ්‍ය අඩියකය.

ඩයස් සදකැලුම් දරුවාගේ පියා ජිවතුන් අතර නැත. මව ආර්ථික දුෂ්කරතා දරාගත නොහැකි තැන විදේශගතව සිටින්නීය. ඔහු පාසල් ගොස් ඇත්තේ සිය මිත්තනියගේ නිවසේ සිටය.

සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසන්නේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!