විමල් චන්ද්‍රිකා යහපාලනය ප්‍රශ්න කරයි

 

chandrika4

 

 

 

සිනමා නිළි අනෝජා වීරසිංහ මහත්මියගේ නිවසට ගිනි තියපු, ගායන ශිල්පිනි චන්ද්‍රලේඛාගේ කොණ්ඩේ කපපු, බැද්දගානේ සංජීව වැනි මැරයන් ජනාධිපති ආරක්ෂක අංශයේ (P.S.D.)  තබාගත් පිරිස අද රටේ යහ පාලනය පිළිබඳව කතා කිරීම විහිළු සහගත බව අමාත්යන විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

 

‘මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙහෙයවන ප්‍රධාන චරිතය තමයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. එතුමිය තමයි මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන භූමිකාව ඉටු කරන්නේ. චන්ද්‍රිකා නෝනගේ පාලන කාලයේදී  යහපාලනය  තිබුණද?  චන්ද්‍රලේඛාගේ කොණ්ඩෙ කැපුවෙ, අනෝජා වීරසිංහගේ මොණරාගල ගේ පිච්චුවේ, බැද්දගානේ සංජීව වැනි මැරයන්ව ජනාධිපති ආරක්ෂක අංශයේ (P.S.D.)  තියා ගත්තේ යහපාලනය ගේන්නද?’

 

චන්ද්‍රලේකා ශ රූකාන්ත ප්‍රහාරයෙන් අනතුරුව
චන්ද්‍රලේකා ශ රූකාන්ත ප්‍රහාරයෙන් අනතුරුව

දැන් නම් යහපාලනය ගැන කතා කරනවා. විරුද්ධ පක්ෂයේ පොදු හවුල සතුව තියෙන්නේ වෛරය පමණයි.

ඇමෙරිකානු තනාපති කාර්යාලයේ කුමන්ත්‍රණකාරි ක්‍රියාදාමය සම්බන්ධව ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි අදහස් දැක්වීය.

“ තනාපතිලා සිටිය යුත්තේ තනාපතිලා හැටියටයි. එහෙම නැතුව රටක ආණ්ඩුව පෙරළන්න නෙවෙයි තනාපතිවරු ඉන්නේ. නමුත්  ඇමෙරිකානු තනාපතිතුමියට අවශ්‍ය කරන්නේ ආණ්ඩුවේ සිටින පිරිසව විපක්ෂයට යවන්න. ආණ්ඩුවේ අයව විපක්ෂයට යවන්න ඇමෙරිකානු තනාපතිනියට තියෙන අවශ්‍යතාවය මොකක්ද?

 

us embessey colombo

ඒ තනාපතිතුමියට අවශ්‍ය විදියට ද  අපේ රට පාලනය විය යුත්තේ? ඒතුමියට අවශ්‍ය වෙනස  කරන්න  ඉඩදීලා අප බලාගෙන සිටිය යුතු ද?

තනාපති කාර්යාලවල මේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙල අප අවබෝධ කරගත යුතුයි.

සෝල්හයිම්ලා එළවලා දමලා බෙදන්න ගිය රට රැක ගත්තේත්, රණවිරුවන් ජිවිත පුජා කරමින් රටට සාමය දිනා දුන්නේත් ඇමෙරිකානු තනාපතිතුමියට හෝ ඒ අයගේ බත් බැලයන්ට අවශ්‍ය බෙදුම්වාදි වෙනස සිදු කිරීමට නෙවෙයි.” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.