විමල් මානසිකව වැටිලා………..

wimal-weerawansaකටඋත්තරයක් ගැනීම සඳහා FCID ය වෙත කැඳවා ඇති විමල් වීරවංශ මහතා තමාට කටඋත්තරයක් දීමට තරම් මානසික එකගතාවයක් නොමැති බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස FCID නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ඒ පිළිබඳව සලකා බැලූ නිලධාරීන් ඔහුට වෙනත් දිනයක් ලබා දී තිබේ. තමන්ගේ දියණිය සමාජ මාධ්‍යජාලාවලින් ඉතා දරුණු ආකාරයට විවේචනය වීම හේතුවෙන් විමල් වීරවංශ මහතා මේ දිනවල දැඩි මානසික ව්‍යාකූළතාවයකින් පෙලෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කෙසේ වෙතත් දියණිය ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාව මාධ්‍ය සංදර්ශනයක් කර ගැනීම පිළිබඳව වීරවංස පවුල වෙතත් වෙවෙචන එල්ල වී ඇත. කෙසේ වෙතත නිසි විමර්ශනයකින් තොරව බල වයස්කාර දැරියක් නම් කර ඇයට වරද පැටවෙන ආකාරයේ චෝදනා එල්ල කිරීම පිළිබඳව ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කළ ආකාරය කිසි සේත්ම පිළිගත නොහැකි බව බොහෝ මාධ්‍ය විචාරකයින් පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.