විමල් සගයින් සමග ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවතට

wimalආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණ කථානායකවරයාට දැනුම් දුන්නේය.

මේ වන විට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම නව ව්‍යස්ථාව සඳහා තමන්ගේ යෝජනා ලබාදී ඇත.මේ පිළිබඳව කරුණු කීමට අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හමු වූ විට උන්වහන්සේ පැවසුවේ ශ්‍රී ලංකාවේ තවමත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නොමැති බැවින් එමඟින් රටට අහිතකර දේ සිදුවනු ඇතැයි අනවශ්‍ය සැකයක් ඇති කරගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ නව ව්‍යවස්ථාව තුළින් රටට අහිතකර යමක් සිදුකරතැයි තමන් වහන්සේ කිසිසේත් විශ්වාස නොකරන බවත් මහනාහිමියෝ සඳහන් කළහ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.