වෙන්ඩ අගමැති නිමල් සිරිපාල ද සිල්වා ගේ සිහිනය බොඳවේ?

nimal-siripalaමධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවූ අගමැති රනිල් වික්‍රමසිංහ හට දැනගනීමට ලැබී ඇත්තේ 117 දෙනෙකුගෙන් යුත් බහුතර බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගොඩනගා ගෙන ඇති බවයි. මේ පුවත සම්බන්ධයෙන් අගමැතිවරයා ඉතා සන්සුන් ලෙස ප්‍රතිචාර දක්වමින් මීළඟට කුමක් කළ යුතු දැයි මහලේකම් කබීර් හසීම්ට උපදෙස් දී ඇත.

චම්පික රණවක, අතුරලියේ රතන හිමි, මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ද ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීම සඳහා තම සහයෝගය ලබාදෙන බව ආරංචි වේ. ඇමති දයාසිරි ජයසේකර මහතාගේ නිවසේ අත්සන් ලබා ගනිමින් තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා මීළඟ අගමති වීමේ අපේක්ෂාවෙන් පසුවෙන් නමුත් මීට රනිල් වික්‍රමසිංහ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමති කබීර් හෂීම්ගේ නිවසේ රැස් වී සාකච්ඡා කරන මන්ත්‍රීවරුන් ගෙන් අයෙක් පැවසීය.

සජිත් ප්‍රේමදාස මෙන්ම කරු ජයසුරියත් අගමැති රනිල් වික්‍රමසිංහ හට සහයෝගය පල කොට ඇත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙක් පිල්මාරු කරන බව නිශාන්ත මුතුහෙට්ටි ගම පැවසුවත් එය අතේ රෝලක් බව තතු දන්නෝ පවසති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.