වෛද්‍ය ශිෂ්‍යයාගේ මරණයේ නිගමනය 27 දා

deth4කොළඹ නොරිස් පාරේ නේවාසිකාගාරයේ දී රහසිගත ලෙස මිය ගොස් සිටි කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙක් වූ තරිදු සෙනවිරත්න ගේ මරණය පිළිබද තීන්දුවක් ලබා දීම සදහා රස පරීක්ෂක වෙත යොමු කිරීමට කොළඹ හදිසි මරණ පරීක්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි අද සවස තීන්දු කළේය.

ඒ අනුව මරණය පිළිබද අවසන් නිගමනය ලබන 27 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.

මිය ගිය වෛද්‍ය ශිෂ්‍ය තරිදු සෙනවිරත්න බිබිල ප්‍රදේශයෙන් උසස් පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ වර්ෂ 2009 දීය. ඔහු මොණරාගල දිස්ත්‍රික්කයේ ඉහළම උසස්පෙළ  ප්‍රතිඵල අත්කරගත් ශිෂ්‍යයන් කීපදෙනාගෙන් කෙනෙකි. ඔහුට සහෝදරියන් දෙදෙනෙක් සිටින අතර මේ දෙදෙනා විවාහයකය. ඔහුගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ සෙනවිරත්න (69) පවසා තිබුණේ දරුවා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේ අවසන් විභාගය අසමත් වූ බවත් පසුගිය වසරේ විභාගයට පෙනී සිටීමට සූදානම් වීමත් සමග ඩෙංගු රෝගය වැළදුණු බවත්ය.

තරිදුගේ නේවාසිකගාර කාමරයේ වහලේ එල්ලා තිබී සේලයින් බෝතල් 10 පමණ සොයාගෙන ඇති අතර ඉන් දෙකකට යම්කිසි විෂක් ඇතුළත් කර ඇත්දැයි සැක කෙරේ. අසල එන්නත් කටු 2 ද තිබී හමු වී ඇත. ඔහු විසින් මරණයට පෙර ස්වකීය මවු පියන්ට ලිපියක් ලියමින් කියා ඇත්තේ තමන් දිගු කාලයක සිට දැඩි පීඩනයකින් සිටි බවය. තම මිනිය මවට සහ පියාට හැර වෙන කිසවෙකුටත් නොපෙන්වන ලෙසත්, මවට හා  පියාට පෙන්වීමෙන් අනතුරුව මිනිය මුහුදට දමන ලෙසත් ලිපියේ ලියා තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.