සංගාට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරක් ?

කුමාර් සංගක්කාර මෙවර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කළ අතර ඔහු නියෝජනය කළ ග්ලැඩියේටර් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂර්යාර් ඛාන් පැවසුවේ එම තරගාවලියේ සංගක්කාර පිළිබද පාකිස්ථාන ක්‍රීඩකයන් දැඩි සැලකිල්ලක් දැක් වූ බවයි.

සංගක්කාරගේ ක්‍රිකට් පිළිබද දැනුම සිය ජාතික කණ්ඩායමට එක්කර ගැනීමට උපරිම කටයුතු කරන බව සභාපතිවරයා පැවසුවේය.

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී  කුමාර් සංගක්කාර පාකිස්ථාන කණ්ඩායමේ  උපදේශකවරයෙකු ලෙස පත් කර ගැනීමට යෝජනා වී ඇත.

මීට පෙර එම තනතුර සදහා යෝජනා වූයේ හිටපු කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්ය.එහෙත් එම යෝජනාව සාර්ථක වූයේ නැත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.