සමාජවාදී සමානතා පක්ෂයෙන් පානි 

socialist

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයෙන්  විශ‍්‍රාමික ගුරුවරයකු වන, පානි විජේසිරිවර්ධන ඉදිරිපත්ව සිටී.

නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි  ව්‍යාජ-වම්මුන්ට  එරෙහිව, සමාජවාදය සහ කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා මෙම මැතිවරනය තුල දී සටන් වදින බව සමාජවාදී සමානතා පක්ෂය  කියා සිටී .

රාජපක්ෂ ජනාධිපතිට අභියෝගයක් ලෙස සිරිසේනගේ හදිසි මතුවීම සංවිධානය කිරීමෙහිලා, එක්සත් ජනපදයේ-පාදක ක්ලින්ටන් පදනම තුල කි‍්‍රයාකාරීව සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කේන්ද්‍රීය කි‍්‍රයාකලාපයක් ඉටු කිරීම  තුලින් ඇමරිකාව තමන්ගේ වාසිය වෙනුවෙන්  කරන අත පෙවීම හඳුනාගත  හැකි බව සමාජවාදී සමානතා පක්ෂය පෙන්වා දෙයි .

ශී‍්‍ර ලංකාවේ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම — ආන්ඩුව විරුද්ධ පක්ෂ සහ විවිධ ව්‍යාජ-වාම සංවිධාන — යුද තර්ජනය පිලිබඳව කම්කරුවන් හා තරුනයන් හිතාමතාම අඳුරේ තබා ඇති බවත් සමාජවාදී සමානතා පක්ෂය මෙම නිහඬ බවේ කුමන්ත‍්‍රනය පරාජය කිරීම ද යුද්ධයට හා මෙම සියලු පක්ෂවල න්‍යාය පත‍්‍රය වන කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ද පිනිස සිය මැතිවරන උද්ඝෝෂනය යොදා ගන් නා බවත් ප්‍රකාශ කරයි .

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.