සම සමාජය මහින්දට

tissa-vitharana-MAHINDA

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධානපෙළේ සාමජිකයින් හයදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කොට ඇත .

මෙසේ පක්ෂ සාමාජිකත්වය අහිමි වී සිටින්නේ කළුතර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්, විමල් රොද්‍රිගු සහ ඩී.එම්. ඩී.අබේරත්න යන දේශපාලන මණ්ඩල සභිකයන් සහ මධ්‍යම කාරක සභාවේ අධිනීතිඥ ජයම්පති වික්‍රමරත්න. අධිනීතිඥ ලාල් විජේනායක සහ සමීර පෙරේරා යන සාමාජිකයන්ය.

පක්ෂ නායක අමාත්‍ය තිස්ස විතාරණ විසින් ගෙන ආ යෝජනාවකට අනුව සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගත් බවයි තහනමට ලක්වූ පිරිසේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පල කිරීමත්, අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමත් මේ තහනමට හේතු වී තිබේ.

.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය පල කළ යුතු බවට 24 දෙනකු කියා සිටි අතර 13 දෙනකු පොදු අපේක්ෂකයාට සහය දිය යුතු බවත් දේශපාලන ම ණ්ඩලයේදී කියා සිටියහ .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.