සරත් ආබෘෘ මරණය සම්බන්ධව විවෘත තීන්දුවක්…

SARATH AABRUU222විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ගේ (63) මරණයට හේතුව සොයාගැනීමට නොහැකිවී තිබේ. සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂක වෙත යවා එහි වාර්තා ලැබුණු පසු තීන්දුව පසුව ප්‍රකාශ කිරීමට තීරණය කළ දකුණු කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.එන් ධනුෂ්ක  විසින්  මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්‌ නිකුත් කෙරිණි.

විනිසුරුවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (16 වැනිදා)  සිදුකරනු ලැබීය. මියගිය විනිසුරුවරයාගේ මුහුණේ, නළලේ, පාද දෙකේ හා අත් දෙකේ තුවාල දක්‌නට තිබූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.
රත්මලාන, අත්තිඩිය පිහිටි සිය තෙමහල් නිවසේදී විනිසුරුවරයා මෙම අනතුරට මුහුණපෑවේ පෙරේදා (15 වැනිදා) පෙරවරුවේදීය.
ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ආර්. පී. සේනාරත්නපරීක්‍ෂණ මෙහෙයවිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.