සරසවි ඇදුරු පිරිසක් මහින්දට

 

 

 

 

Top-10-Sri-Lankan-Universities

ඉදිරි මැතිවරණය පිළිබදව ස්ථාවරය කුමක්ද කාලීන අවශ්‍යතාවය තේරුම් ගෙන ජනාධිපතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙක් කටයුතු කරන බවත් සරසවියේ ආචාර්ය සංගමයේ අනුමැතියකින් තොරව සරසවි ඇදුරන් නියෝජනය වන ආකාරයෙන් සරසවි ආචාර්ය සංගමයේ ඇතමුන් විසින් පුවත්පත්වල පළවන විවිධ මතවාද තරයේම ප්‍රතික්ෂේප කරන බවද කුරිරු යුද්ධය අවසන් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති බවද පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත හෙන්නායක ප්‍රකාශ කළේය.

 

 

මහාචාර්ය ශාන්ත හෙන්නායක

මහාචාර්ය ශාන්ත හෙන්නායක

 

ඔහු මේ බව පැවසූවේ සරසවි විද්වතුන්ගේ සංගමය මගින් දෙසැම්බර් 19වැනිදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි. මෙම මාධ්‍ය සාකච්ඡාවට කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යනාංශයේ මහාචාර්ය ඒච්.ඩි .කරුණාරත්න, දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල ,කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි, දර්ශන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලසේන විදානගමගේ ,මහාචාර්ය මුවඇටගම ඥානනන්ද හිමි මහාචාර්ය ලලිත් ද සිල්වා ඇතුළු සරසවි ඇදුරන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදි අදහස් දක්වමින් මහාචාර්ය ඒච්. ඩි. කරුණාරත්න කියා සිටියේ රටේ විනය පිළිබදවත් රට තුල විනය ස්ථාපිත කිරීමට දැඩි පියවර ඊළග ධූර කාලයේදි  ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බැවින් රටේ ජනතාව බුද්ධිමත් නොවුණහොත් අනාගතයේදි ඉරාකය මුහුණ දෙන අත්දැකීම් වලට ආනිවාර්යයෙන්ම මුහණ දීමට සිදුවනු ඇති බවයි.

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතා කියා සිටියේ පසුගිය රජයන්ගේ කාල සීමාවන් වලදි තිබුණු අධිරාජ්‍ය ගැති විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිතුමා විසින් අහෝසිකළ බවත් ඒමගින් රටේ සංවර්ධනයේ දොරගුළු විවර වූ අතර සංවර්ධනය සදහා චීනය දායකකර ගැනිම එම ඒකාධිකාරය බිද දැමු බවයි.

මහාචාර්ය  මුවඇටගම ඥානානන්ද  හිමිප්‍රශ්න කළේ  “රටේ නායකයා  එහෙට මෙහෙට පනින කෙනෙක් වුනොත් රටට කුමක් වෙයිද යන්නයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.