සල්මන් ඛාන් ආ පයින්ම ගියේ මොකද?

 

 

jacqueline-salmankhansssss

 

බොලිවුඩ් නළු සල්මාන් ඛාන්  හට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රචාරණ කටයුතු වලට දිගටම් සහභාගී  වීමට ඉද නොලැබුණේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ  මැදිහත් වීම නිසා බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

 

සල්මාන් ඛාන් ගේ ලංකා ගමන ගැන විරෝධය පල කරන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් දී රාජ් කියා සිටීයේ මානව හිමිකම් කඩ කරන මහින්ද රාජපක්ෂ වැනි පාලකයෙක් ගේ මැතිවරණ වැඩ පිළිවෙලට සම්බන්ධ වී ගැන සල්මාන් ලැජ්ජාවට පත් විය යුතු බවයි.

තමිල්නාඩුවේ MDMK, පක්ෂය   මෙන්ම DMK පක්ෂයත් සල්මාන් ඛාන් ගේ ලකා ගමනට විරෝධය පල කොට තිබේ.

 

bajrang-dal-against-pk-410

 

DMK පක්ෂයේ ප්‍රකාශක T K S ඉලංගෝවන් කියා සිටීයේ රාජපක්ෂ ආණ්ඩුව තමිල්නාඩු ධීවරයින්ට හිරිහැර කරන අවස්ථාවක ඔවුන් ගැන නොසිතා මැතිවරණ ප්‍රචාරණයට එක්වීම තමන් හෙලා දකින බවයි.

MDMK පක්ෂ නායක  වයිකෝ සල්මන් හදුන්වා දුන්නේ ද්‍රෝහියෙක් බවයි.

දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ විපක්ෂය හෝ දකුණු ඉන්දියාවේ දෙමළ  විරෝධතවදීන්  ඉන්දියානුවෙක් වෙන රටක මැතිවරණ වැඩ පිළිවෙලකට සම්බන්ධ වීම පිළිබඳව නිල වශයෙන් පැමිනිල්ලක්  කළේ නම් කොළඹ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය දැඩි අසීරුවකට පත් වෙන්නට ඉඩ තිබුන බවයි.

ඉන්දීය නිල පුවත් සේවය වන PTI සේවාව වාර්තා කළේ ශ්‍රී  ලංකාවේ මැතිවරණයකට සහභාගී වන ප්‍රථම ඉන්දීය නළුවා සල්මන්  ඛාන් බවයි.

 

වෛකෝ ගේ විරෝධය
වෛකෝ ගේ විරෝධය

 

 ජැකලින් ෆර්නැන්ඩිස්

මේ සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩිස් ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්වෙබ් අඩවියට කියා සිටීයේ   සල්මාන් ඛාන් ගේ පුණ්‍යායතන කර්තව්‍යයක් වන ‘බීං හියුමන් ‘(Being Human) හි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට ව්‍යාප්ත කරන මෙන් ඉල්ලා සිටියේ තමා බවයි.

“ඇසේ සුද ඇති වූ පුද්ගලයන්ට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කාච 200ක් පරිත්‍යාග කිරීමට ඔහු අඩු පහසුකම් වලින් යුත් ප්‍රදේශ වලට ගමන් කළා. මුදල් පරිත්‍යාගයක් ද සිදුකළා. එහෙත්, ජනතාවට කිසිඳු කටයුත්තක හොඳක් නොපෙනීම ගැන කනස්සලු වෙනවා. සෑම හොඳ කටයුත්තක් පසුපස ඇති යටි අරමුණ හඳුනාගැනීම පමණයි,” යැයි ඇය පවසා තිබේ.

 

විපක්ෂයට නැඹුරු මාධ්‍ය වේදියෙක් විමසා සිටීයේ  සල්මාන් ඛාන් ගේ හොඳ වැඩ වලට ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව හැර වෙනත් කාල වකවානුවක් තෝරා ගැනීමට ඉඩ තිබුනේ නැද්ද යන්නයි?

 

[vsw id=”/7rcfwohHoz4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.