ස්වාමිනාදන්ටත් කොකා පෙන්නා එල්.ටී.ටී.ඊ සිරකරු පලා ගිහින්….

DM-Swaminathan2පුනරුත්තාපන, නැවත පදිංචිකිරීම්, නැවත ඉදිකිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ගේ නිර්දේශ පිට වැලිකඩ බන්ධනාගාරයෙන් අනුරාධපුරයටත් එතැනින් යාපනයටත් මාරු කර යවා තිබූ රාසයියා ආනන්දරාජා නැමැති එල්.ටී.ටී.ඊ සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ රැකවරණය යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ගනිමින්  සිටියදී පැනයෑම පිළිබදව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

අවි හා පුපුරණ ද්‍රව්‍ය ලග තබා ගැනීම හා ත්‍රස්තවාදීන්ට සහාය දීම යන චෝදනා මත වසර 6 සිරදඩුවමක් විදිමින් සිටි මෙම සිරකරු අනුරාධපුර බන්ධනාගාරයේ දී එල්.ටී.ටී.ඊ රැදවියන් විසින් දියත්කළ උපවාසයක මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

එම උපවාසයට මැදිහත්වීමට පැමිණි වව්නියා දිස්ත්‍රික් ද්‍රවිඩ සංධාන පලාත් සභා මන්ත්‍රී ශිව ශක්ති ආනන්දන් හමුවී ඇති  ඔහු තමන්ට රෝග ගණනාවක් ඇති බවත්, ඒවාට ප්‍රතිකාර ගැනීමට යාපනය බන්ධනාගාරයට යවන ලෙසත් ඉල්ලා ඇත.

මේ ඉල්ලීම ශිව ශක්ති ආනන්දන් විසින් ඩී.එම් ස්වාමිනාදන් ඇමතිවරයා වෙත දැන්වීමෙන් අනතුරුව සිද්ධිය පාර්ලිමේන්තුවෙදීත් කතා කර විශේෂ උසාවි නියෝගයක් මගින් රැදවියා යාපනය බන්ධනාගාරයට මාරු කර ඇත.

ඔහුව ප්‍රතිකාර ගැනීමට යාපනය රෝහලට ඇතුළු කර ඇත්තේ ඉන් පසුවය. මේ තැනැත්තා බලා ගැනීමට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් ද යොදවා ඇත.

ඊයේ රාත්‍රියේ වැසිකිලියට යෑමට අවශ්‍ය බව කියමින් රැදවියා පිටව ගිය බවත් යළි නොපැමිණි බවත් බන්ධනාගාර නිලධාරීන් පොලිසියට කියා තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.