සාක්ෂි නැතිව මාව එල්ලන්න හදනවා – රවී

Ravi Karunanayakeඇත්ත සඟවාගෙන සිටිය නොහැකි බවත්, තමන් වැරදි කර නොමැති බවත් ඉදිරියේදී හෙලිදරව් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. තමන් දන්නා හදුනන මිතුරන් පිටිපස්සෙන් ඇනීම තමන්ට හිරිහැර කිරීම සිත් වේදනා ගෙන දෙන්නක් බව රවී කරුණානායක පැවසීය.

විනිසුරු මඩුල්ල ඉතා සංවරව කටයුතු කළ නමුත් නීතිපති දෙපාර්තුමේන්තුවේ අය උසස් වීම බලාපොරොත්තුවෙන් කටයුතු කරන ආකාරය තමන්ට පිළිගත නොහැකි බව පැවසීය. තමන් අවුරුදු දෙක හමාරක් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ බවත්, හොරකම් කිරීමට හොඳම තැන වන මුදල් අමාත්‍යංශයේ කිසිදු දූෂණයක් සිදු නොවීමට තමන් වගබලා ගත් බවත් ඔහු පවසයි. කිසිදු සාක්ෂියක් නොමැතිව මාධ්‍ය ආයතන විසින් ද තමන් පෝරකයේ එල්ලීමට උත්සාහ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තමන්ට විපක්ෂයේ සිටියදී විවිධ හිරිහැර සිදුකළ බවත් දැන් ආණ්ඩුවේ සිටියදී චරිතය ඝාතනය කිරීමට උත්සාහ කරන බවත් ප්‍රකාශ කළ ඇමතිවරයා පවසන්නේ දැන් පෞද්ගලික ජීවිත ගතකළ නොහැකි තත්වයට පත්වී ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.