සියළු ඇස් කෝප් වාර්තාව වෙත…….

cope-2පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන කෝප් වාර්තාවේ ඇතැම් කොටස් මේ වන විට පරිවර්තන හෝ මුද්‍රණ අවදියේ තිබෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය. එම වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බව කියන ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කෝප් කමිටුව අද (26) දහවල් 2.30ට නැවත රැස්වන බවද ඔහු පැවසිය.

මේ අතර වාරයේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර ඩීල් එකක් ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස්‌ පළවෙමින් පවතී. කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳ විශ්වාසය තබා ඇති බවත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී   පැවසීමෙන් අනතුරුවයි මේ අදහස් ඉදිරිපත් වී ඇත්තේ.

කුමන්ත්‍රණයක්

බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ සැලැස්මක් පවතින බව පෙනෙන්නට ඇති බව වීමල් වීරවංශ මන්ත්‍රිවරයා පවසයි. මේ අතර වාරයේ බැඳුම්කර වංචාවක්‌ සිදුව ඇති බව ඉතා පැහැදිලි බවත් කෝප් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසු එම වංචාවට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල පියවර ගන්නා බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මේ තත්වය පිලිබඳව අදහස් පල කල ම්ධ්‍යවේදියෙක් කියා සිටියේ ‘දැන් තියෙන තත්වය අනුව රනිල්ට  අර්ජුනන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටීම අත් හරින්න වෙනවා. මෛත්‍රි වැඩේ අතට ගන්නවා.මහින්ද පැත්තකට වෙලා මේක පත්තු වෙන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!