සිරස ‘සටන’ වැඩසටහනට බධා කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්

 

satanan

පොදු  අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේනඇතළු පිරිසක් සහභාගී වූ    ‘‘සටන‘‘  දේශපාලන වැඩසටහන පියෝ ටීවි චන්ද්‍රිකා නිලිකාවෙන් විකාශ විමට අවහිර කිරීම මඟින් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සිය මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් වන්දි ලෙස රුපියල් කෝටියක් ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධීකරණ හමුවේ අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 

මෙම වැඩසටහන සිරස නාලිකාව ඔස්සේ ප්‍රචාර විය. මෙවැනි වැඩසටහනක් අවහිර කිරීම ගෝත්‍රික තාලේ වැඩක් බව එම වැඩසටහනට සහභාගී  වූ ජනතා විමක්ති පෙරමුණේ නයක් අනුර කුමාර දිසානායක් කියා සිටියේය.

මෙම අවහිර කිරීමට වග කිව යුත්තන් සේ නම් කොට ඇත්තේ   ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විදුලි සංදේශ නියාමන කොමිසම, ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් ආචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන් ය.

යටියන්තොට නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන මහතා විසින් ගොනුකළ මෙම පෙත්සමෙන් කියැවෙන්නේ මෙම වැඩසටහන විකාශය බාධා කිරීමෙන් ආණ්ඩුවකට ව්‍යවස්ථාවේ

14 (1) වගන්තිය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා එල්ල වී ඇති බව වඩසටහන විකාශනය කිරීමට බාධා සිදුවූ හෙයින්   තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පොත්සම්කරු කියා සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.