සිරිකොතට ගිය විමල් ගේ පිරිසට ප්‍රහාර

sirikothaa23

සිරිකොත ප්‍රහාරයෙන් 11 දෙනක් පමණ  තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක් සිටින බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටින්නේ.

සිරිකොත ට පිවිසෙන සියලුම මාර්ග වසා පොලිස් කැරලි මර්ධන  බළඇණිය විසින් තත්වය පාලනය කරන ලදි.

 

 

 

සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයට හානි කර ඇතැයද සිරිකොත ආරංචි කියයි.

විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම  පසුබසීමෙන් අනතුරව  සිරිකොතට එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා එජාප පාක්ෂිකයින් පිරිසක් සිරිකොතට රැස්ව සිටින බවයි එක්සත් ජාතික පක්ෂය කියා සිටින්නේ.

 

sirikotta

රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක්  මේ විරෝධය පැවැත්වූ අතර එවැනි ගිවිසුමක් නැති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

 

sirikothahh

 

හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක  කළ ප්‍රකාශයක් මෙම සිද්ධියට මුල් වූ අතර තමාගේත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අත්සන් හොරට යොදා තැපැල් ඡන්ද දායක දිනයේදී බොරු ප්‍රකාශයක් කල බව විපාශ නායකයා පොලිසියට පැමිණලි කොට ඇත.

 

රාජ්‍ය මාධ්‍ය කියා සිටින්නේ විරෝධතාව පැවත්වුවන් ප්‍රහාරයට ලක් වූ බවයි.

[vsw id=”/6AzhWyvRX3c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.