සිරිසේන සහෝදරයින් අක්‍රමිකතාවල -විමල් වීරවංශ

 

wimalw

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්‍රමිකතා රැසක් සිදු කොට ඇති බව අමාත්‍ය විමල් වීරවංශ කියා සිටී.
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 600ක් සඳහා රුපියල් ලක්ෂ 36ක් වටිනා සෙවිලි තහඩු ප්‍රදානය කරමින් කථා කළ වීරවංශ ඇමති වරයා: :සිටියේ
“සිරිසේන මහත්තයා යහ පාලනය හදනවා කියනවා, එයාගේ සහෝදරයා අරලිය උයන හෝටලය හැදුවේ වැව් රක්ෂිතයේ, එහෙම හැදුවේ දේශපාලන බලය පාවිච්චි කරලා නොවෙයිද? ඒකද යහ පාලනය. ඒ විතරක් නෙවෙයි අනිත් සහෝදරයා මනම්පිටිය වැලි නිධිය අල්ලගෙන රට පුරා වැලි බෙදාහරිනවා. කලකට ඉහතදී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාරවල් කාපට් කරන්න කොන්ත්‍රාත්තුවක් බාරදුන්නා. ඒ කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පුවත්පත් මගින් පාරවල් වල ප්‍රමිතිය ගැන විවිධ චෝදනා එල්ල කළා. මේ පිළිබදව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවෙන් විමසූ විට ඒ ආයතනයේ සභාපති කියා සිටියේ මේ කොන්ත්‍රත්තුව කිසිදු උප කොන්ත්‍රාත්කරුවෙක් නොමැතිව ඍජුව එම ආයතනය මගින් කරගෙන යන බවත් ඒ සදහා උප කොන්ත්‍රාත්තුවක් ඩඩ්ලි සිරිසේන මහත්තයා ඉල්ලා සිටින නමුත් ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා මෙම ප්‍රශ්නය ඇතිවූ බවත්ය. කෙසේ හෝ මෙම කොන්ත්‍රාත්තුව ඔවුන් හට ලබාදුන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව එල්ල කළ චෝදනා සියල්ලම නිහඬ වුණා.”
රූපමය අවවාද සහ ඖෂධ පනත සම්මත කිරීමට බාදා එල්ල වීම ගැන පොදු අපේක්ෂකයා නගන චෝදනා සාධාරණ නොවන බවත් අමාත්‍ය විමල් වීරවංශ
ප්‍රකාශ කළා .
“සිරිසේන මහත්තයා සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාද 80% ක් ඇතුළත් කරන්න උසාවි තීන්දුවක් ගන්න කටයුතු කළා. ඒත් දුම්කොළ සමාගම විසින් එකඟ වුණේ 60% කට පමණයි. ඒ උසාවි නියෝගය දුන්නේ දෙපාර්ශවය එකඟතාවයකට පැමිණුන ලෙසයි. අද සිරිසේන මහත්තයා කියනවා 80% කරන්න දුන්නේ නැහැ කියලා. එදා ජනාධිපතිතුමා සිරිසේන මහත්තයාව නැවැත්තුවාද? එතුමාම තමයි සමාගම් එක්ක එකඟතාවයට ආවේ. ඊටපස්සේ ඖෂධ පනත නැතිවුණාලු. දැන් වැඩ කරන්නේ ඉස්සර වගේ යතුරු ලියනයෙන්ද? දැන් තාක්ෂණය දියුණුවෙලා පරිගණක තියෙනවා. ඉතින් කොහොමද පනතක් නැතිවෙන්නේ? ඒ පනත යතුරු ලියනය කලත් ඒ පනතේ පිටපත් සෑහෙන පිරිසක් ගාව තියෙන්න ඕනනේ. තමන්ගේ පනත ආරක්ෂා කරගන්න බැරි කෙනෙකුට රටක් බාරදෙන්න පුළුවන්ද?”

හැකිනම් මේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නැයි විමල් වීරවංශ අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.