සූර් පිට මුහුදු යන ධීවරයින්ටත් වැඩ වරදී…

fish22මෝටර් රථ රියදුරන්ට බිමතින් වාහන පැදවිමේදි නිති ක්‍රියාත්මක වෙනවා සේම ධිවරයන්ද බීමතින් මුහුදු යාම වැළැක්විම සඳහා අවශ්‍ය නිති ගෙන එන බව ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය.
එම නිසා රාත්‍රී 10.00 ට ධිවරයන් මුහුදු යාම වෙනුවට එම වේලාව සවස 6.00 දක්වා අඩු කරනා බවද බව පැවසු ඇමතිවරයා එම වේලාවට පසුව ධිවර කටයුතුවලට පිටත්වන ධිවරයන් පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනා බව ද පැවසීය.
ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ වැය ශිර්ෂයන් පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
ධිවරයන් රාත්‍රි 10.00 පමණ වන තෙක් ධිවර වරායේ රැදෙමින් මත් පැන් පානය කොට පසුව සිය යාත්‍රා රැගෙන මුහුදු යන බවත් එවන් අවස්ථාවල බොහෝ අනතුරු සිදුව ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. බිමතින් මුහුදු ගොස් යාත්‍රා විනාශ කර ගැනිම නිසා ධිවරයාට වඩා පීඩාවට පත් වන්නේ යාත්‍රා හිමිකරුවන් බවද ඔහු කිවේය.
එම නිසා ඊට අදාළව නිති සකස් කරනා බවද හෙතෙම සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.