සෞදි ආර්ථිකය බිද වැටේ… ලාංකිකයන් දහස් ගණනකගේ රැකියා අනතුරේ…

saudiසෞදි අරාබියේ ඇතිවී ඇති බරපතල ආර්ථික බිදවැටීමත් සමග එහි සේවය කරන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී තිබේ.

දැනට සෞදි ආරාබියේ සේවය කරන ශ්‍රී ලාංකියයන් 110 අධික පිරිසකට රැකියා අහිමි වී තිබේ. මේ වනවිට ඔවුන් සෞදි තානාපති කාර්යාලයේ රැකරවණය පතා පැමිණ සිටිති. ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට දැන් තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටී.

ලෝක වෙළෙදපලේ තෙල් මිල උච්ඡාවචනය අනුව සෞදි ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ පා සිටී. ඉදිරි මාස දෙක තුළ මේ ගැටලුවට විසදුමක් නොලැබුණහොත් දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් ඇතැයි විදේශ කටයුතු පිළිබද ඇමතිනී තලතා අතුකෝරල කියයි.

මේ අර්බුදය වැඩි වන්නේ නම් සෞදියේ සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ඇය තවදුරටත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.