හපුතලේ මෛත්‍රී ගේ රැස්වීමට බාධා

 harinfernandoss

ඌව පළාතේහින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේ සංවිධානය කර තිබුණ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක දී  තමන්ට ප්‍රහාරයක් එල්ලවූ බව එක්සත් ජාතික පක්ෂය

කියා සිටී.

සෙනසුරාදා (20) හපුතලේ සිදු වූ එම මැතිවරණ ප්‍රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන්  සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා වන Caffe නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ ප්‍රහාරය එල්ල කෙරෙද්දී හපුතලේ පොලිසිය කිසිදු පියවරක් නොගෙන බලා සිටි බව තමන්ට  වාර්තා වී ඇති බවයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ආධාර පිණිස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කෙරුණ රැස්වීම් භූමියේ සවි කර තිබුණ ශබ්ද විකාශන යන්ත්‍රවල විදුලි රැහැන් කපා, කොඩි වැල් ගලවමින් සිටි පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් සමඟ ගැටුම ආරම්භ වූ බවයි රැස්වීමේ සංවිධායකයන් පවසන්නේ.

[vsw id=”/8l4_nKapLjk” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

ඌව පළාත්  සභා විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු කියා සිටියේ පොලිසිය ප්‍රහාරකයින් අත් අඩංගුවට ගත්තේ නැතිනම් තමන් දැවැන්ත උද්ගෝෂණයක් පවත්වන බවයි.

හපුතලේ නගර සභාවේ විපක්ෂ නායක ජගත් ප්‍රියන්ත අබේනායක එම ගැටුමේ දී තුවාල ලැබ රෝහල්ගත කොට ඇත.

තමුන් ආණ්ඩු පක්ෂයේ රස්වීම් වලට ගොස් කොඩි කපා ශබ්ද විකාශන යන්ත්‍ර වල  වයර් නොකපන බව හරින් ප්‍රනාන්දු පැවසීය..

හපුතලේ ප්‍රහාරයට අමතරව වෙනත් ප්‍රදේශ වලත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක රැලිවලට බාධා සිදු කොට ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් කියා සිටිති.

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි400ක් පමණ  ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.