හමුදාව තෙල් නිකුත් කිරීම අරඹයි

petrol bowserඛණිජ තෙල් බෙදා හැරීමේ වර්ජනයක නිරත වෙමින් සිටින ඛණිජ තෙල් සේවකයින් විසින් ගුවන් යානා සඳහා අවශ්‍ය කරන ඉන්ධන නිකුත් කිරීමද මේ වනවිට නතර කර දමා තිබේ. කෙසේ වෙතත් මේ වනවිට හමුදාව මැදිහත්වී ඉන්ධන බවුසර් 10 ක් පමනා නිකුත්ණි කෝට් ඇත.

හමුදාව මැදිහත්ව දුම්රිය මගින් සුපුරුදු පරිදි ගුවන්යානා සඳහා ඉන්ධන ප්‍රවාහනය කිරීමට සූදානම් වුවද කොළොන්නාව ප්‍රදේශයේදී දුම්රිය මග හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කොට ඇත හමුදාව තම කටයුතු කරමින්ත්ක සිටිති. වර්ජනය අත් හැර සේවයට වාර්තා නොකරන පිරිස සේවය අත්හැර ගිය සේ සලකන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ඛනිජ තෙල් සේවකයන් පවසන්නේ ජනාධිපතිවරයා තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේනම් තමන් රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි.

මෙය ඉන්දියාවද සම්බන්ධ ගැටළුවක් වන් හෙයින් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ගැටළුවෙන් මග හැර යන බව දක්නට ඇති බව සේවකයින් ගේ මතය වී තිබේ.විරෝධතාකරුවන් තෙල් පර්යන්ත පරිශ්‍රයෙන් ඉවත් නොවුවහොත් ඔවුන් ඉවත් කිරීමේ සූදානමක් හමුදාවට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයට ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ ත්‍රිවිධ හමුදා,විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඇතුළු වූ අතර මේ වන විට ඔවුහූ එම පර්යන්තය පුරා ආරක්ෂාව සලස්වමින් සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.