හිරුණිකා හා දුමින්ද සොයුරි දිලිනි ෆේස් බුක් අඩවියේ සංග්‍රාමයක…

hiru11හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා දුමින්ද සිල්වාගේ නැගනිය වූ දිලිනි ද සිල්වා ෆේ්ස් බුක් වෙබ් අඩවිය තුළ ද්වන්ද සටනකට එළඹී සිටිති. ඒ සටන පටන් ගන්නේ මේ ආකාරයටය.

හිසට වෙඩි තබා මරා දමා සිටි භාරතගේ ඡායා රූපය හිරුණිකා පල කර තිබූ අයුරු...
හිසට වෙඩි තබා මරා දමා සිටි භාරතගේ ඡායා රූපය හිරුණිකා පල කර තිබූ අයුරු…
දිලිනි සිල්වා ගේ ෆේස් බුක් වෝල් එකේ පල කර තිබූ දුමින්දගේ සැත්කමේ ඡායාරූප...
දිලිනි සිල්වා ගේ ෆේස් බුක් වෝල් එකේ පල කර තිබූ දුමින්දගේ සැත්කමේ ඡායාරූප…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මීට දින කිහිපයකට පෙර අති සංවේදී ඡායාරූපයක් පල කළේය. එම ඡායාරූපයේ දැක්වුනේ ඇයගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබූ ආකාරයයි. මේ ඇවස්ථාවේ හිරුණිකා මෙවැනි ඡායාරූපයක් පල කරන්නේ මන්දැයි බොහෝ දෙනා කතා කළහ.

මේ සමගම දුමින්ද ගේ නැගනිය වූ දිලිනි සිල්වා විසින් ෆේස්බුක් වෙබ් අඩවියට පින්තූර 17 මුදා හැරියාය. ඒ ඡායාරූපවලින් දක්වනු ලැබුවේ දුමින්ද සිල්වාගේ  හිසට වෙඩි වැදුනා යැයි කියූ ආකාරයයි. මේ ඡායාරූප මාලව ඔස්සේ දුමින්දගේ හිසට වෙඩි තැබීම සැබෑවක් බව පෙන්වීමට දුමින්ද නැගනිය උත්සාහ කර ඇති පෙනුණි.

මේ පිළිබද කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය හිරුණිකාගෙන් අසා තිබිණි. ඇය කියා තිබුණේ තමන් එම ඡායාරූපය සිය ‍ෆේස්බුක්  වෙබ් අඩවියේ පල කළේ යමෙකුගේ හිසට එවැනි වෙඩිල්ලක් වැදුනානම් තත්පර කීපයක් හෝ ජීවත් වීමට නොලැබෙන අාකාරය ඒත්තු ගැන්වීමට බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.