හිරුනිකා අත්අඩංගුවට ගන්නත් පෙර මුදාහරින්න සැලසුම් කරලා.

hiru - gammanඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඒ සැණින්ම ඇප මත නිදහස් කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පොලීසියේ උසස් නිලධාරියෙකු කළකිරීමෙන් කතා කර ඒ පිළිබඳ තොරතුරු තමාට ලබා දුන්  බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගෙන කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පොලීසිය ඇප ලබා දීමට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමේ කිසිඳු නියෝගයක් මේ වන විට පොලීසියට ලැබී නැති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!