හෙට දින මානව හිමිකම් කොමසාරිස් ලංකාවට

මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ද්‍රවිඩ සංධාන නායක ආර් සම්බන්ධන් යන මහත්වරු හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට හෙට දිවයිනට පැමිණෙයි.ඔහු දින 3ක කාලයක් සදහා මෙරටට පැමිණෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතික්ෂේපයක් තිබුණ ද මානව හිමිකම් කොමසාරිස් විසින් අන්තර් ජාතික විනිසුරුවන් සහිත හය්බ්‍රිඩ් අධිකරණය ස්ථාපිත කිරීම පිළිබද සාකච්ඡා කිරීම ගැන අවධානය යොමු කර ඇති බව පවසයි.

මෙම හය්බ්‍රිඩ් අධිකරණය ස්ථාපිත කරන ලෙස ද්‍රවිඩ සංධානය ද මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටී.එමෙන්ම ඔහු 09 වන අගහරුවාදා දිවයිනෙන් යාමට ප්‍රථම මෙම සංචාරයේ සාකච්ඡා පිළිබද තොරතුරු හෙලි කිරීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.