හෙළ උරුමයේ බෙදීම්

 

helaurumaya1
ඇඹිලිපිටිය නගරාධිපති ලෙස තේරී පත්වූ   පක්‍ෂ සාමාජිකත්වයෙන් සහ උන්වහන්සේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටී.

ඥානප්‍රභා හිමි ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කළහ.

ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් පක්‍ෂයේ තීරණයට පිටුපා කටයුතු කිරීම නිසා වැල්දූවේ ඥානප්‍රභා හිමි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මධ්‍යම කාරක සභික ධුරයෙන් හා රත්නපුර දිස්‌ත්‍රික්‌ සංවිධායක ධුරයේ ඉවත් කර පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටද පක්‍ෂයේ නායකත්ව මණ්‌ඩලය තීරණය කළ බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේය.

 

weweladuweprabha

මීට අමතරව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ සංවිධායක මධුමාධව අරවින්ද මහතාගේ ද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

ජාතික හෙළ උරුමය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්‌වන තීරණය හේතුවෙන් ඉදිරියේදී තවත් ගැටළු ඇතිවිය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

gunadasa_amarasekara

 

හෙළ උරුමය හෙළු කරුමයක්
ජාතිකවාදී නැඹුරුවකින් කටයුතු කළ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර කියා සිටියේ සිංහල බෞද්ධ වෙස් මුහුණු දමා ගනිමින් හෙළ උරුමය හෙළු කරුමයක් වී රට විනාශ කරමින් සිටින බවයි.

හෙළ උරුමය දැන් කටයුතු කරන්නේ රටට එරෙහිව මේ අවස්ථාවේ කුමන්ත්‍රණයක් නොමැති ආකාරයෙන් බවත් රටට එරෙහි කුමන්ත්‍රණය ඉතා උච්ච අවස්ථාවකට පැමිණ ඇති මොහාතක ශ‍්‍රී ලංකාව වට කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ දේශීය ඒජන්තවරිය වශයෙන් චන්ද්‍රිකා හිටපු ජනපතිනිය කටයුතු කරමින් සිටින බවත් ගුණදාස අමරසේකර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.