හෝකන්දර ගුවන් අනතුරට හේතු වුනේ අඳුර සහ මීදුම පමණද?

hokandara

 

 

 

අතුරුගිරියේ ගුවන් අනතුර සිදු වු ස්ථානයට කඩුවෙල මහෙස්ත්‍රාත්  ධම්මික හේමපාල මහතා පරීක්ෂණ පවත්වන ලෙස පොලීසියට නියෝග කළේය.

උදේ 6.10ට පමණ මෙම අනතුර සිදු වු මොහොතේම පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට දැන්වු නමුත් බලධරයින් පැමිණියේ මිනිත්තු 45ක් පමණ ප්‍රමාද වී යැයි අතුරුගිරියේ  ප්‍රදේශවාසිහුද  කියා සිටියහ. අනතුර සිදුවූ මොහොතේ ගින්න නිවීම සඳහා තමන් දැඩි වෙහෙසක් ගත බවත් ඇතුලත සිටි අයෙක් දැවෙනු දුටු  බවත් එක ප්‍රදේශ වැසියෙක් පැවසීය.

 

 

[vsw id=”/6m6Fls2xW1I” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

යානය වැටී ගිනි ගනිද්දී කුඩා දරුවන් ඇතුළු ගම්වැසියෝද වතුර භාජන රැගෙන ගින්න නිවීමට පැමිණියහ.

ඇන්ටනෝව්  යානයේ අනතුරින්  මිය ගිය ගුවන් භටයින්  තිදෙනෙක්  හඳුනාගනු ලැබ සිටිති.

බලගණ නායක ගොකරැල්ලේ වසන්ත අබේවර්ධන,පියාසර ලුතිනන් හොරණ තුඩුවේ ධනුක තරංග ,පියාසර සැරයන් ඒජී ශාන්ත හඳුනාගත් බව  ගුවන් හමුදා ආරංචි පවසයි. aturu3

 

තුවාල ලැබු ගුවන් හමුදා බල නායක එල් පී චතුරංග  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක වාට්ටුවේ ප්‍රතිකාර ලැබූවේය.

 

 

දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින් ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි.

සැත්කමට දෙපැයක් ගත විය

තමන් බේරාගන්නැයි කියමින් එහි සිටි ගුවන් භට එල් පී චතුරංග   කෑ ගැසු බව ප්‍රදේශවාසීහු කියති.

 

අතුරුගිරිය හොරහේනේ ශාන්ත කැතරින් වත්තට ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ගසක වැදී ගස දෙකට කඩා වැටී ඇත.

දැඩි මීදුම නිසා ගුවන් නියමුවාට ධාවන පථය නොපෙනෙන්නට ඇතැයි එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය  විමර්ශකයින් කියා සිටිති.

 

athuru1

 

 

අතුරුගිරියේ අනතුරින් පස ඇන්ටනෝව් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටැවූ බව ගුවන් හමුදාව කියයි.අනතුරට පත්  ගුවන් යානය කුමක් සඳහා ගමන් ගත්තේද යන්න තාමත් දැනගන්නට නැත.

 

athuru22

 

කටුනායකින් රත්මලාන බලා පියාසර කළ ඇන්ටොනෝව් 32 දරන ගුවන්යානය  වෙතින් රත්මලාන ගුවන් පථය තමන්ට නොපෙනී ගොස් ඇති බව අවසන් වතාවට දැන ගන්නනට ලැබුණු බව ගුවන් පාලක මැදිරිය  පැවසූ බව වාර්තා විය.

යානය පැදවූ ස්කොද්‍රන් ලීඩර් වසන්ත අබේවර්ධන ගුවන් පය දෙදහසකට පමණ හිමිකම් කියන නියමුවෙක්. ඔහු විවාහ වී ඇත්තේ මීට මාස  එක හමාරක පෙරයි.

 

nyomi

 

 

හෝකන්දර ගුවන් අනතුරට හේතු වුනේ අඳුර සහ මීදුම පමණද යන්න පිළබඳව විම්ර්ස්කයින් ගේ අවධානය යොමු වී තිබේ. ගුවන් යානය පාලක මැදිරිය අවසන් පනිවිඩය ලබාදුන් වේලාව සහ  අනතුර වාර්තා ගතවූ  වේලාව පිළිබඳව විමර්ශකයින් ගේ අවධානය යොමු  වී තිබේ.

 

 

 

HOKANDARAMIST

 

 

ගුවන් හමුදාපති එයා මාර්ෂල් කෝලිත ගුණතිලක අතුරුගිරියේ අනතුර වූ ස්ථානයට ගිය අවස්තාවේදී කියා සිටීයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවක දී  අනතුරට හේතුව විස්තර කරන බවයි.

 

 

ඇන්ටනොව් 32 ගුවන් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක්  පැවැත්වීමට   ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා කියයි.

මෙම කමිටුවේ ප්‍රධානියා ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා පත් කොට ඇත.

1996 වසරේදී යුක්‍රේනයෙන් මිලදී ගෙන ඇති මෙම යානයේ  වටිනාකම ඩොලර් මිලියන 4.5 කි.

 

 

විමර්ශන පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.