ෆයිසර් මුස්තාෆා බොදු බල සේනාව සහ ආණ්ඩුව අතර තිබෙන සම්බන්ධය දන්නේ නැද්ද?

 

fizer

 

 

බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සෘජුව හෝ වක්‍රව සහයෝගය දුන්නොත්,තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටී.

තමන්ගේ ජාතිකත්වය තමන්ට  වැදගත් බව ඔහු කියා සිටියේය.

බොදු බල සේනා සංවිධානය   මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීම  හේතුවෙන් මුස්ලිම්  ඡන්ද අහිමි වීමට ඉඩ තිබෙනවා නොවේදැයි  මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කල අවස්ථාවේදීය.

ෆයිසර් මුස්තාෆා මෙසේ ප්‍රකාශ කොර ඇත්තේ ආණ්ඩුව සහ බොදු බල සේනා සංවිධානය අතර දැඩි සම්බන්ධයක් පවතින බවට චෝදනා එල්ල වී ඇති අවස්ථාවකයි.

බොදු බල සේනා සංවිධානය සහ   ආණ්ඩුවට සම්බන්ධ නැති බව තහවුරු කිරීමට  ෆයිසර් මුස්තාෆා   මහතාඋත්සාහ දරන බවක් පෙනෙන්නට තිබෙන බව  ඇතැම් දේශපාලන විචාරකයෝ කියා සිටිති.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.