ෆොන්සේකා ගහයිද කරණමක් ?

danunacv

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න අද (19) කොළඹ මහාධිකරණයට භාර වීමෙන්  අනතුරුවඔහුට ඇප ලැබුණි.

 

සුවිශේෂ කරුණු මත ඔහුට ඇප දෙන්නැයි නීතිඥවරයා ඉල්ලා සිටි අතර ඊට පැමිනිල්ලෙන් විරෝධයක්  නොවීය.

ව්‍යාජ සමාගමකින් යුද හමුදාවට අවි සැපයීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේ 2010 වසරේ දී ය.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පොල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඔහු උසාවියට බාර කළ නීතිවේදී නිරෝෂණ පෙරේරා මහතා පැවසූයේ සිය ආරක්ෂාව පතා ඔහු සැඟවී සිටි බවයි.

 

 

katagodaj

දේශපාලනමෙහෙයුමක් 

මේ තාක් කාලයක් බරපතල චෝදනා සහිතව උසාවිය මග හැර ගිය පුද්ගලයෙකුඋසාවියට ඉදිරිපත් වූ සැනින් ඇප ලබා ගැනීම පිටුපස දේශපාලන මෙහෙයුමක්

පවතින බවට අනුමාන පලවෙමින් පවතී.

 ෆොන්සේකාගේ දියණියක සමග විවාහ වී සිටින ඔහු එතෙර පදිංචිව සිටි අතර මේ නඩුව ඔවුන්ගේ පවුල් සම්බන්ධකම් වලට දැඩිව බලපාන බව දත් ආණ්ඩුව මේ හරහා සරත් ෆොන්සේකාට දැඩි පීඩනයක් එල්ල කොට ඔහුව නිහඬ කිරීමට  ගන්නා උත්සාහයක ලකුණු දක්නට ලැබෙන බවක් දක්නට ඇති බව පවුලට සමීප ආරංචි මාර්ග කියා සිටිති

 පක්ෂ මාරු

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී ජයන්ත කැටගොඩ ෆොන්සේකා හැරදා ආණ්ඩුවට එක්වෙන විට තමන් මේ පියවර ගන්නේ ෆොන්සේකා ගේ බෑනා නිදහස් කරගැනීමට යැයි

ඔහු ප්‍රකාශ කල බව මාධ්‍යයේ පල විය.තමන් ආණ්ඩුවට සහයදීමේදී කොන්දේසි ලෙස ආරක්ෂක ලේකම්වරයා සමගත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කරනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාට අහිමිකරනු ලැබු විශ්‍රම වැටුප ඇතුළු වරප්‍රසාද යළි ලබාදීමට බව කැටගොඩ මහතා සඳහන් කළේය.

ධනුන තිලකරත්නගේ ඥාති සොහොයුරෙක් වන හෂාන් තිලකරත්න එක්සත් ජාතික පක්ෂය හැරදා ආණ්ඩුවට එක්වුනේ ධනුනට යම් සහනයක් ලබාදීමට බවත් මීට‍ ඉහත වාර්තා විය.

 

sarathf

 සරත් ෆොන්සේකා මිලදී ගත හැකිද? 

සරත් ෆොන්සේකාට විශාල සෙනගක් නැතත් ඔහුට සෙනගට බලපෑම් කිරීමේ හැකියාවක්  ඇත.

මේ ගැන හොඳින් දන්නා ආණ්ඩුව ඔහුගෙන් කරණමක් අපේක්ෂා නොකරත් ඔහුව තරමක් නිෂ්ක්‍රීය කොට නිහඬ කිර්රෙම්ට මේ නඩුව භාවිතා කල හැකි නම් එසේ කිරීමට පසුබට නොවනු ඇත.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා කියනා සේ දේශපාලනයේ  සදාකාලික සතරන් නොමැත.

අනෙක් අතට ෆොන්සේකා ගේ අතීත වාර්තාව  දෙස බලන විට තමන්ගේ පවුල වෙනුවෙන් යම් සහනයක් ලබා ගැනීමට උපක්‍රම ශීලීව කටයුතු කිරීමට ඉඩ තිබෙතත් ඒ වෙනුවෙන්

තමන්ගේ ආත්මය විකුණා නිහඬ වීමට හෝ කරණමක් ගැසීමට ඇත්තේ අල්ප ඉඩකි.මන්දයත් ෆොන්සේකා ගේ කීර්තිනාමය යනු ඔහුගේ දේශපාලන ප්‍රග්ධනයයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.