ෆොන්සේකා ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට සුදානම්

Sarath Fonsekaහිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. ජයසූරිය මහතා වව්නියාවේ සේනාංකයේ කටයුතු කරද්දී සහ යුද හමුදාපති වූ පසුවත් වැරදි කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයකදී තමා සාක්කි ලබා දෙන බව ද ෆොන්සේකා මහතා පැවසීය.

ජගත් ගේ ඇඟිල්ල ෆොන්සේකා දෙසට

යුද අපරාධ සිදු කළ බවට එල්ල කරන චෝදනාවලින් තමන්ගේ නමට විශාල කැළලක් සිදුවන බවත්, රජය වහාම මැදිහත් වී පියවර ගතයුතු බවත් ජනරාල් ජගත් ජයසුරිය මහතා පැවසීය. එළඹෙන සඳුදා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් ඒ මහතා කීවේය.

වන්නි ආඥාපතිවරයා වශයෙන් තමන් කටයුතු කළ සමයේ භටපිරිස් වෙත අනදීමක් සිදු නොකළ බවත්, එම ධුරයේ කටයුතු කළ ද සියලූ වගකීම් තමන් වෙත පැවරෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය. වන්නි මෙහෙයුමේ භටපිරිස් වෙත ඉඳුරාම අණදුන්නේ හිටපු යුද හමුදාපති සරත් ෆෝස්සේකා මහතා බව කවුරුත් දන්නා කරුණක් බව ද, ඒ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඒ සම්බ්නධයෙන් ප්‍රකාශ කර තිබෙන බවද ජයසුරිය මහතා කියා සිටියේය.

ආණ්ඩුව අමාරුවේ

ප්‍රධාන පෙළේ සෙන්පතියන් දෙදෙනක් මේ ආකාරයෙන් චෝදනා හුවමාරු කර්කු ගැනීම හේතුවෙන්ව ආණ්ඩුව බලවත් දුෂ්කරතාවකට පත් විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති. මේ චෝදනා කරගැනීම නතර කොට සිදුවීමට මුහුණ දීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීම බව විචාරකයෝ පෙන්වා දෙති.

හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ජයසූරිය මහතා වව්නියාවේ සේනාංකයේ කටයුතු කරද්දී සහ යුද හමුදාපති වූ පසුවත් වැරදි කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයකදී තමා සාක්කි ලබා දෙන බව ද ෆොන්සේකා මහතා පැවසීය.

“යුද පෙරමුණේ එයා සටන් මෙහෙයුවේ නෑ. නමුත් ඔහු යටතට පත්වෙනවා අත්අඩංගුවට ගන්නා අය වැනි පිරිස්. එවැනි අයට අදාළව යම් අපරාධ කරනවා කියල මට තොරතුරු ලැබුණා,” යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

යුද්ධය අවසාන වූ පසුව ජනරාල් ජගත් ජයසූරිය විසින් කරන ලද “අපරාධ” සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, එහි ආරම්භක පියවර ලෙස ඔහුගේ අධි සහායකවරයා ලෙස ක්‍රියා කළ ලුතිනන්වරයෙකු පවා අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් එම පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාවේම තමන් හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ද ෆීල්ඩ් මාෂල්වරයා පැවසීය.
“ඔහු කළ අපරාධවලට එවක සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා, ඔවුන්ගේ ආශීර්වාදය ලැබුන බවත් මට තොරතුරු තියෙනවා.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!