ෆොන්සේකා මන්ද බුද්ධිකයෙක් බව විජේදාස කියයි.

fony & wijedasaසරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්ඡා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා පසුගියදා සිරස රූපවාහිනියේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ‘සටන’ වැඩසටහනට සජීවිව සම්බන්ධ වෙමින් පැවසීය.

ෆොන්සේකා මහතා ඇතැම් පුද්ගලයින් සමග තිබෙන අමනාපකම් පිරිමැසීමට මාධ්‍ය භාවිතා කිරීම ගැන තමා කණගාටු වන බවත් ඇමතිවරයා එහිදී දුරකතනයෙන් සජීවීව අමතා ප්‍රකාශ කළේය.

ඇමතිවරයාගේ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතාද විමසා සිටියේ තමන් මන්ද බුද්ධිකයෙක් නම් තමන්ට ෆීල්ඞ් මාෂල් තනතුරක් දුන්නේ මන්ද කියාය.

එම වීඩියෝව පහතින් නරඹන්න

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.