ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් තනතුර අනතුරේ ?

ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලය වන ෆීල්ඩ් මාෂල් තනතුර ලංකා ඉතිහාසයේ පළමු වරට හිමිවූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටයි.එම නාලයට කැබිනට් ඇමතිවරයෙකුට හිමි සියලුම වරප්‍රසාද හිමිවේ.

ඔහු එම නිලයට උසස් කෙරුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේදී ය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ද වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි.ඊයේ (08) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තව ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නොහැකි බවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (01)(10) අනුව ඇතැම් පිරිස් තර්ක ගෙන එයි.

11111

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.