බොදු බල සේනාවේ මහ ලේකම් ඥානසාර හිමි අද හෝමාගම උසාවියේ

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටින බොදු බල සේනාවේ මහ ලේකම් ඥානසාර හිමි අද හෝමාගම උසාවියට රැගෙන ඒමට නියමිතයි.

එමෙන්ම උසාවියට අපහාස වන සේ හැසිරුණු සිව් දෙනෙකු හදුන්ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට උසාවි භූමියට රැගෙන එනු ලබයි.

තව ද උසාවිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත..උසාවියට පිවිසෙන මාර්ගය ද වසා ඇත.අතුරු මාර්ග වල ද දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර නඩු කටයුත්තකට හැර උසාවි භූමියට ඇතුළු වීම ද තහනම් කර ඇත.

ජල ප්‍රහාරක රථ හා කැරලි මර්ධන රථ ද යොදා තිබේ.

himii

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.