කුමාර වෙල්ගමට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මගින් ගොනු කළ පැමිණිල්ලක් අනුව නිකුත් කර තිබූ නොතීසි මත හිටපු ඇමතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිවරයෙකුට රු.ලක්ෂ 33කට ආසන්න මුදලක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි කුමාර වෙල්ගම මහතා රු. 20 25000ක මඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (16) නියෝග කළේය.

චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබූ හිටපු ඇමතිවරයාට නියම කළ ඇප මුදලින් රු. 25000ක් හා රු. ලක්ෂ 10 ශරීර ඇප 2ක් තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් නියම කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.