පරීක්ෂණ යටපත් කිරීමට පොලිසියට බලපෑම් කළේ නැ.

champika bikeපරීක්ෂණ යටපත් කිරීමට පොලිසියට බලපෑම් කළේ නැ.

තම අමාත්‍යංශයට අයත් ජීප් රථයට පසුගිය ඉරිදා (28) වැලිකඩදී අධිබල ධාරිතාවෙන් යුත් යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණයෙකු ගැටීමෙන් වූ අනතුර පිළිබද තමන් පොලිසියට කිසිදු බලපෑමක් නොකළ බව මහා නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඊයේ (03) කළුතර දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසීය.

ලංකාවේ ධාවනයට අනුමැතිය නැති යතුරුපැදි වලින් තරුණ පිරිසක් එදින ගමන් කල බවත් එක් යතුරුපදිකරුවෙකු තම අමාත්‍යංශයේ වාහනයක ගැටුණු බවත් ඇමතිවරයා පැවසීය.

තව ද කලක් මෙම යතුරු පැදි ධාවනය නොවුන ද නැවතත් තරුණ පිරිස් මෙම යතුරුපැදි ධාවනය කරන බවද එම අධිබලැති යතුරුපැදි තහනම් කිරීමට අදාළ අංශ වලට දන්වන බවද හෙතෙම පැවසීය.

එමෙන්ම චම්පික ඇමතිවරයා පවසන්නේ ඇතැම් මාධ්‍ය පවසන පරිදි තමන් එම අනතුරේ පරීක්ෂණ යටපත් කිරීමට කටයුතු කර ඇතැයි පැවසීම සම්පුර්ණයෙන් අසත්‍ය බවය.

මෙම අනතුරේ පරීක්ෂණ කටයුතු සම්පුර්ණයෙන් පවත්වන ලෙසටද පොලිසියට දන්වා ඇති බව රණවක ඇමතිවරයා කීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.