රේගුව විධිමත් කිරීමට කමිටුවක්

customsරේගුව විධිමත් කිරීමට කමිටුවක්

රේගු වෘත්තීය සමිති ඊයේ(09) ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්විය.එහි දී දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් එම නියෝජිතයන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අදාළ ගැටලුවලට ලබා දිය හැකි විසදුම් උපරිමයෙන් ලබා දීමට පියවර ගන්නා බවයි.

දෙපාර්තමේන්තුවේ ඵලදයීතාව වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රෙගු දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.