Police Brutality No Limit වැටත් නියරත් ගොයම් කන මොහොත

n k ilangakoon

ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස එන්.කේ ඉලංගකෝන් පත්වෙද්දි බොහෝ දෙනා සිතුවේ යුක්තිගරුක පොලිසියක් පවත්වාගෙන යා හැකි පොලිස්පතිවරයෙක් පත්වී ඇති බවයි. එහෙත් දැනට පොලිස්භාරයේදි  සිදුවන මරණ මෙන්ම අයුතු පොලිස් පහරදීම් ගැන අසන්නට ලැබෙන වාර්තාවරණයක් තුලදි යුක්තිගරුක පොලිසියක්  යනු  මායාවක් බවට පත්වී ඇත. කුරුණෑගල පොලිස් නිලධාරියෙක් මරා දැමීම පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා සඟවා ඇති ගිනි අවි පෙන්වීමට ගෙන යද්දි ඇතිවු ගැටුමකදි  මරා දැමු බව වාර්තාවීමත් සමඟම ඌව පලාතේ  මීගහ කිවුල පොලිසියේ  රිමාන්ඩ් බාරයේ සිටි 17 හැවිරිදි සඳුන් මාලිංග දරුවා පොලිස් වෙඩි පහරදීමකින් මිය ගිය බව වාර්තා විය.

police attack

නව පොලිස්පතිවරයා පත්වීමෙන් අනතුරුව පොලිස්බාරයේ සිදුවු මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිද්දි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මාධ්‍යට කියා සිටියේ පොලිසිය අවම බලය භාවිතා කරමින් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාත්මක වු බවයි. අජිත් රෝහණ තම නීතිඥයෙක් යැයි කියා සිටින හෙයින් ඔහු වැදගත්  සිදුවීම් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශකරන්නේ කෙසේදැයි ශ්‍රීලංකා  නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රශ්ණ කොට සිටියි.

කොළඹ කොටුවේ විරෝධතා දැක්වු  සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයින් හට පොලිසිය කෘර ලෙස පහරදුන් බව අධිකරණයේදි හෙලිදරව් වී ඇත. පොලිස්පතිවරයා කියා සිටින්නේ මේ ගැන පරික්ෂණ පවත්වන බවයි. එහෙත් පොලිසිය මේ සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණය ගැන මහජන විශ්වාසයක් තිබිය හැකිද යන්න ප්‍රශ්ණයකි. මන්දයත් ස්වාධීන  පොලිස් කොමිසම දැන් අහෝසිය.

මේ තත්වය හමුවේ සාධාරණයක් ඉටුවේද යන්න සැක සහිතය. පොලිසියේ කෘරත්වය සිදුවන්නේ හුදකලාවම නොවෙයි. මීගහ කිවුල පොලිසියේදි පහරදීමට ලක්වු බව කියන දරුවා  තමන්ගේ පපුව රිදෙන බව මහේස්ත්‍රාත්වරියට කියා සිටියත් ඇය ඒ ගැන කිසිඳු තැකීමක්  නොකොට මේ දරුවා රිමාන්ඩ් භාරයට පත්කොට ඇති බවයි වාර්තා වන්නේ.

 

Sri-Lanka-Police1

අනෙක් අතට පොලිස් නිලධාරියෙක් මරා දැමුබවට  සැක කෙරෙන පුද්ගලයෙක් මරා දැමු හෙයින්  ඒ මරණය සාධාරණ එකක් යැයි බොහෝ දෙනා කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. සැකය ලේබලය ඇලවු පමණින් පුද්ගලයෙක් මරා දැමීමට හෝ  හිංසනයට ලක්කිරීමට පොලිසියට ලයිසන් නැතිබව කිසිවෙකුත් ප්‍රශ්ණ නගන්නේ නැත. මේ තත්වය හමුවේ වැටත් නියරත් ගොයම් කන මොහොතක සාධාරණත්වයක් බලාපොරෙත්තුවිය හැකිද යන්න ප්‍රශ්ණයකි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.