Tyson in the Dock -ටයිසන් විත්ති  කුඩුවට වැටීම

miketyson pic

 

මයික් ටයිසන් ගේ කථාව පටන් ගන්න  කොට බොහෝ දෙනාටම එක පාර මතක් වෙන  දේවල් තුනක් තියෙනවා.

පළමු වැන්න මේ තාක්  බිහිවූ ලාබාලතම ලෝක හෙවි වේට් බොක්සින් ශුරයා,

දෙවැන්න ප්‍රතිවාදී හොලිෆීල්ඩ් ගේ කන හපා කාපු එක,

තුන්වැන්න ස්ත්‍රී දුෂණයට වරදිකරු වෙලා හිරේට නියම වුන එක.

එත් ටයියා  ගේ ජීවිත කථාව ‘Mike  Tyson undisputed truth”  කියවගෙන යන කොට  මේ සියල්ලට වඩා වැදගත් යමක් තියෙන බව දැනෙනවා.ඒ වැටී  වැටී නැගිටීම සහ ඒ ගැන  හිතට එකඟව ඇත්ත කථා කිරීම.

 

ටයියා හතර ගාතෙන්ම බිම ඇද වැටුණු අවස්ථාව වෙන්නේ ස්ත්‍රී දුෂණ  චෝදනා  ඉදිරිපත්වුණු මොහොත.

 

ඒ වන කොට අවුරුදු විසි පහක් වෙච්ච ටයිසන්ව අවුරුදු හැටක් හිරේ යවන්න තරම් ඒ චෝදනා බරපතල වුනා.

mike desiree-washington1-197x300

කළු ජාතික  රුප රැජිනියක් වූ ඩේස්රේ වොෂිග්න්ටන් කියා සිටියේ   හැඩිදැඩි ටයියා තමන්ව බිම පෙරලාගෙන අමානුෂික ලෙස දුෂණය කළ බවයි.

 

ඩේස්රේ වොෂිග්න්ටන් ඉන්දියානාපොලිස් වල රූප රැජින දක්මකට පුහණු වන අතර වාරේ ටයිසන් මුණ ගැසුනා.

නින්ද නේන රාත්‍රි යාමයක ටයිසන් ඩේස්රේට කථා කළා.

“එනවාද මේ පැත්තේ?”

 

සැලසුම වුනේ රාත්‍රි යාමය නගරය පුරා  සැරි සරන්නයි.

එත් ටයිසන්ට ආපහු හෝටල් කාමරයට යන්න ඕන වුනා.

එතැනදී සිදුවුණා දේ විවාදාත්මකයි.

ඩේස්රේ කියන විදියට එපා කියද්දී ටයිසන් ඇයට අතවර  කළා.

 

නඩු විභාගය  අවසන් වුනේ ටයිසන් වැරදිකරු කරමින්.

 

වැරදිකරු වුනාට පස්සේ  දඬුවම් නියම කරන්නට පෙර සති හයක කාලයක් තිබුනා.

මේ කාලය තුලදී ටයිසන් රට පුරා කරක් ගැහුවේ තමන්ගේ පෙම්වතියන් ගෙන් සමුගන්නයි.

සෑහෙන් කාලයක් හිර තපින්න වෙන බව ඔහුට තේරුනා.

tyson13

 

එකක් නඩු අහපු Patricia Gifford ඉතා දරුණු තීන්දු දෙන කෙනෙක්  මාධ්‍ය ඇයව හැදින්වුයේ Hanging judge යන නමින් අනෙක නඩුව අහපු ඉන්දියානා

ප්‍රාන්තයේ  කළු විරෝධී  Ku Klux clan  කල්ලිය පැල පදියම් වෙලයි තිබුනේ.

ටයිසන් කියන විදියට මේ වන විට ඔහු දැඩි ආත්ම අභිමානයක් ගොඩ නගා ගෙනයි තිබුනේ ,මේකට දීර්ග සිර දඬුවමකින් වන්දි ගෙවන්න සිදුවෙන බව ඔහුගේ  යටි හිත ඔහුට කියා සිටියා.

වරදිකරු වීම සහ  දඩුවම් නියම කිරීම අතරතුර වූ කාලයේදී කළු ජාතික කාන්තාවන් රැසක්ම ටයිසන් කරා පැමිණියා.

“ඔයා මේක කරේ නැති බව දන්නවා” සමහර කාන්තාවන් එහෙම කියද්දී එඩිතර  එකියක්

මෙහෙම කිව්වා “ එන්න මාත් එක්ක .මාව දුෂණය කළා

කියලා මම කියන්නේ නැහැ.ඔයාට ඔක්කොම පටිගත කරන්න පුළුවන්”

 

මේ වෙන කොට ටයියාට මල පැනලයි  තිබුනේ ඒ නිසා

ඒ ආලවන්තකම් වලට ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ.

එත් පස්සේ කාලෙක ටයිසන් මේ සියල්ල දුටුවේ

කළු ජාතික ප්‍රජාව තමන්ට දැක්වූ ලෙන්ගතු කමේ සලකුණක් ලෙසින්.

 

දඬුවම් නියම කිරීම සඳහා වූ දිනය ක්‍රමයෙන් ලඟා වෙද්දී නේක විධ උප්පරවැටි යෝජනා කළ පිරිස්

ටයිසන් කරා ලඟා වුනා.

 

විත්ති කුඩුව බොක්සිං රින්ග් එකටවඩා බොහෝම අසීරු තැනක් බව ක්‍රමයෙන් පසක් වෙමින් තිබුනා.

ඒ ගැන  ඊළඟට…..

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.