අන්ත ඉන්දීය පරාජය ගැන චන්දිමාල් ගේ කණගාටුව

dinesh chandimalඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලි පරාජයෙන් පසුව ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සිය අදහස් පළ කළා. ඔහු කියා සිටියේ තමා සහභාගි වූ තරගාවලිවලදී ලද දරුණුතම පරාජය මෙය බවයි. නායකයකු ලෙස තමන් පරාජයේ වගකීම භාර ගන්නා බවද ඔහු කියා සිටියා.

“ මම ප්‍රේක්ෂකයන්ගේන් සමාව ඉල්ලනවා. ප්‍රේක්ෂකයන් හැම අවස්ථාවකම අපට සහාය දැක්වූවා. අපි පරාජයට පත්වෙන බව දැන දැනත් ඔවුන් අපිට අත්පුඩි ගැසුවා. ඒකයි කණ්ඩායමක් ලෙස දැන් අපිට අවශ්‍ය. අපිට ක්‍රීඩකයන්ව මානසිකව පහතට යන්න දෙන්න බෑ. අපි කාර්යය හරියට කළා. අපිට ඉක්මනට ප්‍රතිඵල ගන්න බැරිවේවි. නමුත් අනාගතය හොඳ වේවි කියා අපිට විශ්වාසයි”

චන්දිමාල් ඉන්දීය කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ ලෝකයේ අංක එකේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ බවයි. “සියලු ගෞරවය ඔවුන්ටයි. ඔවුන් මේ තරගාවිලයේදී හොඳින් ක්‍රිඩා කළා. අපිට මේ තරගය දින පහක් ගෙනියන්න පුළුවන් වුණානම් යමක් ඉගෙන ගන්න තිබුණා. නමුත් දින දෙක හමාරක් තුළ පරදිනවා කියන්නේ ඔබට සමාවක් දෙන්න බෑ. ක්‍රීඩකයෙක් ලෙස පිටිය මැදට ගිය විට පුහුණුවෙන අවස්ථාවේදී සැලසුම් කළ දේවල් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එයයි පිතිකරුවන්ට කිරීමට නොහැකිවුණේ. ක්‍රීඩකයන් ලෙස එකට නැගිට අපි හොඳින් කළ යුතු වෙනවා.”

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයේදී ඔවුන්ට එරෙහිව තරග 3-0ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නමුත් මාස 12ක් තුළ එය වෙනස්විය. “ ප්‍රධාන කරුණ තමයි ආබාධ. ඔස්ට්‍රේලියානු තරගාවලියේදී හැම දෙනෙක්ම හොඳින් සිටියේ. මෙම තරගාවිලය ආරම්භයේ පටන්ම ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වුණා. සුරංග ලක්මාල්, ණුවන් ප්‍රදීප්, රංගන හේරත්, අසේල ගුණරත්න ආබාධයන්ට ලක්වුණා. පසුගිය මාස කිහිපයේදී ඔවුන් හොදින් ක්‍රීඩා කළ අය. ඒක තමයි ප්‍රධාන කරුණ. මට සමාවක් දෙන්න ඕන නෑ. අපිට මීට වඩා හොඳින් දක්ෂතා දක්වන්න තිබුණා.”

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සාර්ථක නොවීමය. “ස්ථිරත්වය මේ තරගාවලියේදී ප්‍රධාන ගැටලුවක්. සෑම ක්‍රීඩකයෙකුටම සෑම අවස්ථාවකදීම දක්ෂතා දක්වන්න බෑ. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස ඔබ හොඳින් ක්‍රිඩා කළ යුතුයි.පසුව තරුණ ක්‍රීඩකයන් එය අනුගමනය කරාවි. මම හිතනවා පාකිස්තාන තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණේවි කියලා.”

පල්ලෙකැලේ පිටියේදී තමන්ට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ට ඉහළ ලකුණු සංඛ්‍යවට යෑම නොහැකි වූ බව චන්දිමාල් පවසයි. එසේම ආරම්භක පිතිකරු උපුල් තරංගද අසාර්ථක විය. “ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔබ පන්දුවාර 15-20ක් ක්‍රීඩා කළ යුතුයි. අපි හැම ක්‍රීඩකයෙකුටම තරග සැලැස්මක් දුන්නා.ඔවන්ට එය පිටිය මැදදී කරන්න නොහැකිවුණා.”

“ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස මටයි, ඇන්ජලෝටයි ලකුණු අතරට ඒමට නොහැකිවීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා. අපට සුපුරුදු දක්‍ෂතා අතරට එන්න බැරි වුණා. ජ්‍යෙෂඨ ක්‍රීඩකයන් ලෙස අපි ඒකට වගකියනවා.”

කණ්‌ඩායමක් ලෙස ඉදිරියේදී නැගී සිටීම අරමුණ බවත් පියවරෙන් පියවර ඉදිරියට යෑමට ඉදිරියේදී සිදුවන බවත් දිනේෂ් චන්දිමාල් එහිදී ප්‍රකාශ කළා. ”මම ක්‍රීඩා කරපු තරගාවලි පරාජයට පත්වෙලා තියෙනවා. අපි දකුණු අප්‍රිකාවේදීත් තුනට බිංදුවක් ලෙසට පරාජය වුණා. නමුත් අපේ රටේ ගහද්දී අපිට ටෙස්‌ට්‌ තරග තුනේදීම දින පහක්‌ ගහන්න බැරි වුණා. මේ තරගය දින දෙකහමාරකින් විතර ඉවර වුණා. කිසිවකුට නිදහසට කාරණා කියන්න දෙයක්‌ නැහැ. මගේ ක්‍රිකට්‌ දිවියේ ලබපු දරුණුම පරාජය තමයි මේක. පැරදුනාම එක එක නිදහසට කරුණු කියල වැඩක්‌ නැහැ.

මම කවදාවත් ක්‍රීඩකයකු වශයෙන් සහ නායකයකු වශයෙන් කණ්‌ඩායම අමාරු වෙලාවේදි දාලා යන කෙනෙක්‌ නෙමෙයි. අපිට හදාගන්න තියෙන දේවල් තියෙනවා. මම විශ්වාස කරනවා අපිට මේ කණ්‌ඩායම විදිහට ඉදිරියේදී නැගීසිටීමට හැකි බව. එක පාරටම බැරි වුණත් පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන.

මේ කණ්ඩායමේ හැමෝම පුහුණුවීම්වලදී හැමදෙනාම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් පුහුණුවීම් කරනවා. නමුත් පිටියට ගිහිල්ල හරිදේ කරන්න බැරි වුණා. මගේ ප්‍රහාරාත්මක වේගයේ අඩුපාඩුවක්‌ තියෙනව කියල කවුරු හරි කියනවනම් මම දැන් ඒ දේවල් නිවැරදි කරගෙන තියෙන්නෙ. ප්‍රහාරාත්මක වේගය අඩු වුණා නම් ඒකට හේතුවක්‌ තිබුණා. ඒ තමයි අනිත් පැත්තෙ පිතිකරුවන් දැවී යන විට මට කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු ලබා ගන්න සිදුවීම.

කොහොම වුණත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා අවස්‌ථාවක්‌ ආවොත් උපරිමය කණ්‌ඩායමට ලබාදෙන්න.” යනුවෙන් චන්දිමාල් එහිදී වැඩිදුරටත් සඳහන් කළා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.