ඇන්ජලෝ මැතිව්ස්‌ එක්‌ දින සහ 20/20 නායකයා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එක්‌ දින සහ 20/20 නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්‌ පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි.

මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් භාර ගන්නා මෙන් ඉදිරිපත් කෙරුණ ඉල්ලීමට පිටුපස හැරවිය නොහැකි බවත් එසේ කළහොත් එය අනාගතයේ තමා පසුතැවිල්ලට පත් වීමට හේතු විය හැකි බවත් නව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එක්දින කණ්ඩායමේ නායකත්වය යළි භාර ගැනීමේ තීරණය ගැන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීම අනුව තමා නැවත එක්දින හා ‘විස්සයි විස්ස’ කණ්ඩායමේ නායකත්වය භාරගත් බව සඳහන් කළේය.

බලපෑම් කළ නොහැක

ක්‍රිකට් ක්‍රීඩාව තමාට බොහෝ දේවල් දී ඇතැයි සඳහන් කළ එක්දින කණ්ඩායමේ නව නායකයා, කිසිවෙකුට තමා කෙරෙහි බලපෑම් කළ නොහැකි බවත් අවධාරණයෙන් කියා සිටියේය.

2013 වසරේ පටන් ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම්හි නායකයා ලෙස කටයුතු කළ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, පසුගිය වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූයේ සිම්බාබ්වේ සමග පැවති එක්දින තරගාවලිය පරාජය වීමෙන් අනතුරුවය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.